සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 262
ඉණ ඉහ
1. නා. ඉඟට අඳින රෙද්ද; ඇඳි පැලැඳි දෙය.
2. නා. නෙරියෙහි හෝ ඉණෙහි තබා ගෙන ඇති දේ.
ඉණ ඉහ අතගාගන්නවා
(කථා.) ක්‍රි. යමකු ළඟ ඇති (ශරීරයෙහි) සියලු ම වස්තුව පැහැර ගන්නවා.
ඉණ පරිභෝගය
නා. සිල්වත් භික්ෂුව විසින් ප්රත්යවේක්ෂා නොකොට සිවුපසය වැළඳීම හෙවත් පරිභෝග කිරීම.
ඉණ පලිබෝධය
නා. ණයවීම නමැති බාධාව; ණය නිසා ඇතිවන කරදරය.
ඉණංගුව
1. නා. සුදුසුකම; යෝග්‍ය බව.
2. නා. උඩඟුකම; අහංකාරකම.
ඉණකඩ
නා. ඉණට අඳින රෙද්ද; යටිකය වසා අඳින රෙද්ද; යටට අඳින රෙද්ද; වස්ත්‍රය.
ඉණවලු
නා.ප්‍ර. වස්ත්‍රයේ කෙළවර; වාටිය.
ඉණසැද
නා.ප්‍ර. ඉණෙහි පළඳින ආභරණය; විසිතුරු බඳ පටිය.
ඉණහැඩය
නා. නැට්ටුවන් විසින් අඳිනු ලබන විසිතුරු බඳ පටිය.
ඉණා කරනවා
ක්‍රි. වශීකරණයක හෝ මන්ත්‍රයක හෝ බලයෙන් අන්‍යයන් තම වසඟයට පමුණුවා ගන්නවා.
ඉණා බන්ධනය
නා. වශීකරණ මන්ත්‍රය; වශීකරණ ජීවම.
ඉණාදාසී
නා.ප්‍ර. ණය හිමියාට දාසකම් කරන ස්ත්‍රිය.
ඉණාබේත
නා. ස්ත්‍රී, පුරුෂයන් තුළ ඔවුනොවුන් කෙරෙහි ස්නේහය ඇති කරවීම සඳහා දෙන ජප කරන ලද බෙහෙත.
ඉණාව
1. නා. බෙහෙත් මන්ත්‍ර ආදියේ බලයෙන් ස්ත්‍රී පුරුෂයන් වසඟ කිරීම හෝ ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි පොළඹවා ගැනීම සඳහා කරන වශීකරණය.
2. නා. ස්ත්‍රී, පුරුෂයන් වසඟ කිරීම සඳහා ගන්නා මැතුරූ බෙහෙත් ආදිය; අඳුන.
ඉණි
1. නා.ප්‍ර. පඩිපෙළ; ඉණිමඟ.
2. නා.ප්‍ර. ඉඟටිය.
3. නා.ප්‍ර. උෂ්ණය.
ඉණිඉස
නා.ප්‍ර. පඩිපෙළ මුදුන; සෝපාන මස්තකය; ඉණිමඟේ මුදුන.
ඉණිකුණා
නා. අපිරිසිදු සමෙහි හා අපිරිසිදු වස්ත්‍රවල බෝවෙන උකුණු වර්ගයක්.
ඉණිපාමුල
නා. පඩිපෙළ පාමුල; සෝපාන පාමුල; හිණිපාමුල.
ඉණිපෝරුව
නා. පඩිපෙළක පඩිය; පියගැටය.
ඉණිමඟ
නා. පඩිපෙළ; සෝපානය; ඉහළ නැඟීම හා පහළ බැසීම පිණිස තැනින් තැනට ගෙන යා හැකි අයුරින් සාදා ගන්නා උපකරණයක්.
ඉණිමස
නා. උකුළ.
ඉත
1. වි. වැඩදායක; හිතකර; පථ්‍ය; සුදුසු.
2. වි. හිතවත්; මිත්‍ර වූ.
ඉතයා
නා. හිතවතා; මිත්‍රයා.
ඉතර
1. වි. අනික්; ඉතිරි.
2. වි. පමණ; තරම