සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 261
ඉටු අත
නා. කැමති වන ලද දෙය; අභිමතාර්ථය; ඉෂ්ටාර්ථය; ශුභ සිද්ධිය.
ඉටු කරනවා
ක්රි. සිද්ධ කරනවා; සඵල කරනවා; ඉෂ්ට කරනවා.
ඉටු දෙවියා
නා. යමකුගේ අභිවෘද්ධිය සලසතැයි අදහා පුදනු ලබන දෙවියා; ආරක්ෂක දේවතාවා.
ඉටු යෝගය
නා. උපද්රව වැළැක්වීම පිණිස කරනු ලබන ශාන්ති කර්මය.
ඉටුනිටු අටගණය
නා. (ඡන්ද.) ම- න- බ-ය යනුවෙන් ඉෂ්ට ගණ සතරක් ද ජ-ර-ස-ත යනුවෙන් අනිෂ්ට ගණ සතරක් ද ඇති අට ගණය.
ඉටුනිටු යොන්
නා.බහු. අමිශ්ර සිංහල හෝඩියේ වර්ණ බෙදා ඇති නකුල, මහිෂ, උලුක, ව්යාඝ්ර, සර්ප, අශ්ව, කාක සහ මෘග යන ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද යෝනි හෙවත් වර්ග අට.
ඉටුමිතුරා
නා. හිතවත් මිතුරා; හිත වැඩ සලසන මිත්රයා.
ඉඩ
1. නා. (වස්තු දෙකක්) අතර අවකාශය; අවකාශය.
2. නා.ප්ර. අවස්ථාව; ඉඩප්රස්තාව.
3. නා.ප්ර. විවේකය; වෙලාව.
4. (කථා.) නා.ප්ර. අවසරය.
5. නා.ප්ර. වාරය.
ඉඩංගණී
නා.ප්ර. නගරයට පහරදීමට එන සතුරාට ගල් විදීමට නගරයක පවුර මතු පිට සවිකරන ලද උපකරණය.
ඉඩංගේ
නා. රාජ්ය අමුත්තන් පිළිගනු ලබන නිල නිවාසය; රජයේ නිලධාරීන්ගේ විශ්රාම ශාලාව.
ඉඩකඩ
1. නා.ප්ර. අවකාශය; පරිසරයෙහි ඉඩ පහසුව.
2. නා.ප්ර. අවස්ථාව; විවේකය; ඉස්පාසුව.
ඉඩකඩම්
නා.බහු. වතු පිටි; වතු හා කුඹුරු.
ඉඩදෙනවා
1. ක්රි. ඉඩ පහසුකම් සපයා දෙනවා; ඉඩ සලසනවා.
2. ක්රි. අවසර දෙනවා; අවකාශයක් දෙනවා; ඉඩප්රස්තාව ලබා දෙනවා.
ඉඩප්රස්තාව
නා.ප්ර. අවස්ථාව; ප්රස්තාව.
ඉඩපාඩුව
1. නා. අවකාශය; ඉඩ.
2. නා. පහසු වේලාව; විවේකය; ඉඩප්රස්තාව.
ඉඩම
1. නා. ස්ථානය; භූමිය.
2. නා. අවකාශය; ඉඩ.
3. නා. වාසස්ථානය.
ඉඩම් කච්චේරිය
නා. රජයේ බෙදාදීම සඳහා ඉඩම් ඉල්ලුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට දිසාපතිවරයකු හෝ බලයලත් නිලධාරියකු යටතේ තාවකාලික ව පවත්වන කාර්යාලය.
ඉඩම් කොමසාරිස්
නා.ප්ර. රජයේ ඉඩම් පාලනය පිළිබඳ කටයුතු භාර ප්රධාන නිලධාරියා (=land commissioner).
ඉඩම් පර්ෂදය
(පාරිභා.) නා. ඉඩම් නඩු සම්බන්ධයෙන් කටයුතු කරන විනිශ්චය මණ්ඩලය (=land tribunal).
ඉඩම් ප්රතිසංස්කරණ කොමිසම
නා. රජයට පවරාගත් ඉඩම් පරිපාලනය සඳහා පිහිටුවන ලද සංස්ථාපිත ආයතනය (=land reform commission).
ඉඩම් හිමියා
නා. වතු හිමියා; ගෙවතු අයිතිකාරයා.
ඉඩිප්පුව
(කථා.) නා. පරාලය යටලීයට වැද්දීම සඳහා පරාලයේ කපන කත්තුව.
ඉඩෝරය
නා. නියඟය; අධික පෑවිල්ල.
ඉණ
1. නා. පඩිපෙළ; සෝපාන පංතිය; ඉනිමඟ; තරප්පුව.
2. නා. ඉඟටිය.
3. නා. වස්ත්රයෙහි ඉණ පොට.
4. නා.ප්ර. ණය.