සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 260

ඉට්ටම

1. නා.ප්‍ර. වහල් භාවයෙන් නිදහස් කිරීම.
2. නා.ප්‍ර. විශිෂ්ට නිර්මාණය.

ඉට්ටම් කරනවා

ක්‍රි. වහල් භාවයෙන් නිදහස් කරනවා; දාසත්වයෙන් මුදවනවා.

ඉට්ටම් කැරය

නා. දාසයකු දාසකත්වයෙන් නිදහස් කිරීමේ දී ඒ බව සඳහන් කොට ස්වාමියා විසින් දාසයාට දෙනු ලබන ලියවිල්ල.

ඉට්ට්‍රියම්

(පාරිභා.) නා. ලෝහමය මූලද්‍රව්‍යයක් (=yttrium).

ඉට්ටා

1. නා. වළකජු, වළ සල්ලි ආදි ක්‍රීඩාවන්හි දී ඉලක්කයට දැමීම හෝ ගැසීම සඳහා ගන්නා පැතලි වටකුරු ගල් කැබැල්ල; පෙන්දා.
2. නා. පංචකෙළියෙහි අය තැබීම සදහා භාවිත කරනු ලබන ඇටය හෝ ලී කැබැල්ල; ඉත්තා.
3. නා. ප්‍රමාණයට වඩා කුඩා සිරුරක් ඇති තැනැත්තා.

ඉට්ටි

නා.ප්‍ර. හෙල්ල; තෝමරය.

ඉට්ඨිකා

නා.ප්‍ර. ගඩොල්; උළු.

ඉටානිටු

[ඉට + අනිටු]
වි. හොඳ-නොහොඳ; යහපත්-අයහපත්; කුසල් සහිත - අකුසල් සහිත.

ඉටි

නා.ප්‍ර. උෂ්ණයෙහි තැබූ විට උණු වී දිය වන ලාටු වර්ගයක්.

ඉටි කඩදාසිය

නා. වතුර නොරඳන ලෙස තෙල්හි ගල්වා සාදන ලද කඩදාසිය; තෙල් කඩදාසිය.

ඉටි කූර

(පාරිභා.) නා. හීන් ඉටිපන්දම (=taper).

ඉටි කෝෂය

නා. මී මැස්සාගේ උදරයේ පිහිටා ඇති ඉටි වෑස්සෙන ග්‍රන්ථිය.

ඉටි ගෙය

නා. ඉටි රෙදිවලින් හෝ කීල් රෙදිවලින් සාදන ලද කූඩාරම.

ඉටි දිය

නා. ද්‍රව බවට පැමිණි ඉටි.

ඉටි පන්දම

නා. ඉටියෙන් සෑදූ පහන් කූර.

ඉටි මල්

1. නා.ප්‍ර. වැල් විශේෂයක සෑදෙන සුදු පාටින් යුත් ඉතා සුවඳ මල් වර්ගයක්.
2. නා.ප්‍ර. ඉටි කඩදාසි වලින් හෝ ඉටි මිශ්‍රිත ද්‍රව්‍යවලින් සාදනු ලබන කෘත්‍රිම මල් විශේෂයක්.

ඉටි රූපය

නා. ඉටිවලින් වාත්තු කරන ලද රූපය.

ඉටිග්‍රන්ථිය

(පාරිභා.) නා. කන අභ්‍යන්තරයෙහි ඇති ඉටි වැනි ද්‍රව්‍ය ගලා යන ග්‍රන්ථිය (=wax forming gland).

ඉටිපන්දම් කණුව

නා. ඉටිපන්දම් සවි කරන කඳ; කතිසලය.

ඉටිපන්දම් බලය

(පාරිභා.) නා. දීප්තිය මැනීමේ ඒකකය; දීප බලය (=candle power).

ඉටිපහන් ගහ

නා. ඉටිපහන් රැසක් එක වර දැල්විය හැකි එල්ලෙන අතු පහන; ඉටිපහන් රුක.

ඉටිපහන් මංගල්‍යය

නා. (රෝ. ක.) කන්‍යාමරියතුමිය නමින් පෙබරවාරි 2 දා පවත්වන උත්සවය (=candle mass).

ඉටිරෙද්ද

නා. ඉටි වර්ගවලින් සාදන ලද තුනී පටල විශේෂයක්; ඉටියෙන් කළ රෙද්ද.

ඉටු

වි. ප්‍රියමනාප; මනෝඥ; ශූභ; යහපත්.
1. නා.ප්‍ර. අභිමතාර්ථය; යහපත.
2. නා.ප්‍ර. ප්‍රිය වූ තැනැත්තා; මිත්‍රයා.