සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 259
ඉඟිටි
වි. කුඩා; පුංචි.
ඉඟිනළුව
නා. ඉඟියෙන් හෙවත් අංගචලනයෙන් රඟ දැක්වෙන නාට්යය; මුද්රා නාට්යය (= ballet).
ඉඟිබිඟිය
නා. මුකුළුව; ඉඟියෙන් සිතැඟි දැක්වීම.
ඉඟිය
1. නා. අංගචලනයෙන් අදහස් දැක්වීම; ඉඞ්ගිතය.
2. නා. අදහස; සිත තුළ පවත්නා අභිලාෂය.
ඉඟිවැල
1. නා. පටුන.
2. නා. අනුක්රමණිකාව.
ඉඟුල්
නා.ප්ර. චූර්ණ කොට සායම් වශයෙන් භාවිත කරනු ලබන රත් පැහැති ඛනිජ විශේෂයක්; සාදිලිංගම්.
ඉඟුල්රත
නා. ගිනිරතු; වර්ණවත් රතු පාට.
ඉච්චාව
නා. කපටිකම; රැවටිල්ල; චාටුව; ව්යාජ ප්රශංසාව.
ඉච්ඡක
වි. කැමති; ආශා ඇති.
නා.ප්ර. කැමැත්ත ඇත්තා; ආශා ඇත්තා.
ඉච්ඡා විඝාතය
නා. අභිලාෂයන් ඉටු නොවීම; ආශා ඉෂ්ට නොවීම.
ඉච්ඡාදන්
නා.ප්ර. යදියන් කැමති දෙය දීම; යදියන්ගේ කැමැත්ත අනු ව දෙන දන.
ඉච්ඡානුකූල
ඉච්ඡානුග
(පාරිභා.) වි. කැමැත්ත අනු ව සිදුකරන (=voluntary).
ඉච්ඡාපරයේ
වි. කැමැත්තට අනුරූප වූ; කැමති වූ.
ඉච්ඡාපසාධික
වි. කැමැත්ත ඉටු කරන; සිතූ සිතූ දේ සිදු කරන.
ඉච්ඡාරෝග
නා.ප්ර. ආශාව නමැති රෝගය; තෘෂ්ණාව සම්බන්ධයෙන් කියැවේ.
ඉච්ඡාව
නා. ආශාව; කැමැත්ත.
ඉච්ඡිත
වි. කැමති වූ; රුචි කළා වූ.
ඉච්ඡිත කර්මය
නා. (ව්යාක.) කර්තෘ විසින් ක්රියාඵල වශයෙන් අභිමත වූ කර්මය; ඊප්සිත කර්මය.
ඉජු
වි. ඍජු; කෙළින්; ඇද නැති.
ඉටනවා
ක්රි. දැඩි ලෙස (යමක්) සිතා ගන්නවා; අධිෂ්ඨාන කරනවා.
ඉටන්
1. නා.ප්ර. මතුයෙහි රඳා සිටීම හෙවත් පිහිටා සිටීම.
2. නා.ප්ර. පාලනය.
3. නා.ප්ර. අධිෂ්ඨානය.
ඉටන් පොහොය
නා. (විනය.) අධිෂ්ඨාන හෙවත් ඉටීම් පමණකින් කරන උපෝසථය.
ඉටබියම්
(පාරිභා.) නා.ප්ර. විරල පාංශු කාණ්ඩයට අයත් මෘදු ලෝහයක නාමය (=ytterbium).