සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 213
ආහුනෙය්ය
පු. ප්රත්යය පිළිගැනීමට සුදුසු ගුණ ඇත්තා. (පි. 148)
ආහුනෙය්යග්ගි
පු. ආහුනෙය්ය පුද්ගලයා ගින්නක් මෙන් සැලකීම. (පි. 148)
ආහුනෙය්යපාහුනෙය්ය
පු. එනම් ගුණයන් ඇත්තා, ගෙනවුත් දියයුතු සිවුපසය හා අමුතු දන් පිළිගැනීමට සුදුසු ගුණ ඇත්තා. (පි. 148)
ආහෙය්ය
පු. (අභි+ණෙය්ය, ආකාරවෘද්ධිය) අහියාගේ පුත්රයා. (පි. 148)
ආහො
අ. පරිවිතර්ක - ප්රශ්න - විකලාර්ථයන්හි යෙදෙන අව්යයෙකි. (පි. 148)
ආහොපුරිසිකා
ඉ. ආඩම්බරය නිසා තමාම පුරුෂයෙකැයි තමන් කෙරෙහි ඇතිකර ගන්නා සමත්කම් පහළ කිරීම් ගතිය. (පි. 148)
ආළක
ඉ. එනම් නුවර, වෙසමුණු මහරජුගේ නගරය, ආළකමන්දා නගරය. (පි. 148)
ආළකමන්දා
ඉ. එනම් නුවර, වෙසමුණු මහරජුගේ නගරය, ආළකමන්දා නගරය. (පි. 148)
ආළකා
පු. කටුව, හෙල්ල, තුඩ. (පි. 141)
ආළම්බර
පු. එනම් බෙර විශේෂය, පනාබෙර, අළිඟු බෙර, “අඤ්ඤීස්සා කච්ඡෙ ආළම්බරං”. (පි. 148)
ආළවක
පු. වනයෙහි වසන්නා, වනවාසී අය, අලවුරටේ වසන්නා, ආළවක රජු, ආළවක නම් යක්ෂයා, “ආළවකස්ස යක්ඛස්ස භවනෙ - ආළවකෙ භික්ඛුපටිපුච්ඡි”. (පි. 148)
ආළවි
පු. අලවු රටෙහි, අලවු රට වැසි, අලවු රට උපන් අය, (පි. 148)
ආළවික
පු. අලවුරට වැසී, එහි උපන් දරුවන්, “අළවකා නාම ආළවිරට්ඨෙජාකා භූරකා.” (පි. 148)
ආළහිය
ති. ඉසුරුමත්, ධනවත්, භාග්යමත්. (පි. 148)
ආළ්හ(ක)
න. නැළි සතර, ලාහ, ඇතුන් බඳින ටැඹ, “සොගන්ත්වා ආළ්හකං සප්පිංතණ්ඩූලං ආහරාපෙත්වා” (පි. 148)
ආළ්හකථාලික
න. සතර නැලියක් හා සමාන වන භාජනය (= පාත්රය) සතර නැලියක් හා සමාන වන පාත්රය, “එකඤ්ඤෙව ආළ්හකථාලිකං උපනිසීදිත්වා” (පි. 148)
ආළාන
න. ටැඹ, කණුව, ටැම් කණුව, (පි. 148)
ආළාර
ති. මහත්, උදාර, නැමුනු, ඝන, එනම් තවුසා. (පි. 148)
ආළාරකාලාම
පු. සිදුහත් කුමරුගේ ගුරුවරයෙක්, කාලාම ගොත්රයෙහි උපන් ආළාර තවුසා. (පි. 148)
ආළාරපම්හ
ති. ඝනවූ ඇස් පිහාටු ඇති. (පි. 148)
ආළාරික
පු. අරක්කැමියා, සුදයා, පිසන්නා, “ආළාරිකාති භත්තකාරකා”. (පි. 148)
ආළාහන
න. සොහොන, මිනී දවන තැන, මිනී පිට්ටනිය, (පි. 148)
ආළි
ඉ. ඇල, වේල්ල, යෙහෙළිය. (පි. 149)
ආළින්ද
න. පිළ, ඉස්තෝප්පුව, නිසවත්ත. (පි. 148)
ඉ
(√ භු. අජ්ඣයනෙ, හැදෑරීමෙහි +ති) අයති, අධියති, හදාරයි, ඉගෙන ගනියි.
අ. කාම, අතික්රම, අධ්යෙෂණ, පැවැත්ම, ගමන, පැමිණීම, ඊම, හැදෑරීම, යනාදී අරුත්හි වැටේ. ඉ. යනු පාළි භාෂාවේ තුන්වැනි ස්වරයයි.
(√ භු. ගතියං, යෑමෙහි +ති) ඉති එති, එයි. ආගමනය කරයි. (පි. 149)
ඉංඛති
ක්රි. (ඉඛි √ භු. ගතියං, යාමෙහි +ති) යෙයි. (පි. 149)