සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 212
ආහාරමය
ති. ආහාරයෙන් කළ, ආහාරයෙන් ඇතිවූ. (පි. 147)
ආහාරරූප
න. ආහාර රූපය, කබලිංකාරාහාරය, බත් ආදිය. (පි. 147)
ආහාරසඤ්ඤා
ඉ. ආහාරය යන සංඥාව, අහර බව හැඟීම. (පි. 147)
ආහාරසම්භව
පු. අහර නිසා හටගත්, ආහාරය නිසා වැඩීම ඇත්තාවූ, පු. පඤ්චස්කන්ධය ආහාරසම්භවයයි. (පි. 147)
ආහාරසම්භූත
න. අහර නිසා හටගත්, සරීරය අහර නිසා ඇතිවෙයි. “ආහාර සම්භූතො අයංකායො” (පි. 147)
ආහාරසමුදය
පු. ආහාරය ඇතිකිරීම. (පි. 147)
ආහාරූපච්ඡෙද
න. නිරාහාරව සිටීම, අහර අනුභව නොකිරීම, ආහාරූපච්ඡෙදය (පි. 148)
ආහාරූපහාර
න. ආහාර ගැනීම හා දීම, ආහාර ගණුදෙනුව, “නත්ථම්හාකං තයා සද්ධිං ආහාරූපහාරො”. (පි. 148)
ආහාරෙති
ක්‍රි. (ආ+හර √ භු. හරණෙ, හැරගැනීමෙහි +ණෙ+ති) ගනියි, අනුභව කරයි. (පි. 148)
ආහාව
පු. ලිඳ සමීපයෙහි ගොනුන් දිය බොන වළ, යුද්ධය. (පි. 148)
ආහි
ක්‍රි. (අස √ භූවි, වීමෙහි +හි) අස ධාතුහුගේ සකාර ලෝපය හා හි විභක්තිප්රත්යයයි) වෙව, වෙහි. (පි. 148)
ආහික
පු. දවසට ඇතුළත්, දිනයට අයිති. (පි. 148)
ආහිණ්ඩති
ක්‍රි. (ආ+හිඩි √ භු. ආහිණ්ඩනෙ, ඇවිදීමෙහි +ති) ඇවිදියි, යෙයි. (පි. 148)
ආහිණ්ඩන
න. ඇවිදීම, තැනින්තැන යාම. (පි. 148)
ආහිණ්ඩන්ත
ති. ඇවිදින, ඇවිදිමින්, “භගවා ආයස්මා ආනන්දෙන පච්ඡා සමණෙන සෙනාසන චාරිකං ආහිණ්ඩන්තා.” (පි. 148)
ආහිණ්ඩිත්වා
පු.ක්‍රි. (ආ+හිණ්ඩ √ +ඉ+ත්වා) ඇවිද, හැසිර, (පි. 148)
ආහිත
ති. පුදනලද, කරන ලද, තබන ලද. (පි. 148)
ආහිතග්ගි
පු. පුදනලද ගින්න, වේදයෙහි නියමිත පරිදි සකස් කළ ගින්න. (පි. 148)
ආහු
ක්‍රි. (බ්රැ ධාතුවට ආහ ආදෙසයි, වර්තමාන අන්ති ප්රත්යයහට උ ආදෙසයි) කියති. (පරොක්ෂායෙහිදී බ්රෑ ධාතුවට ආහ ආදෙස හා උ ප්‍රත්‍යය වෙයි) කීහු, කීහ. (පි. 148)
ආහුති
ති. ගෙන එන ලද, සකස් කළ විධිය.
ඉ. යාග පූජාව, ගින්නෙන් පිදිය යුතු ද්‍රව්‍යය, “ආහූතිපිණ්ඩං සමුග්ගණ්හාති” (පි. 148)
ආහුන
න. ගිතෙල්, හෝම සඳහා යෙදූ ගිතෙල්.
න. අමුත්තන්ට දිය යුත්ත, ගරු කටයුත්තන්ට දිය යුතු දේ, දුර සිට නමුත් ගෙනවුත් සිල්වතුන්ට පිදිය යුතු සිව්පසය. (පි. 148)
ආහුන්දරික
ති. වැසූ, පසු කළ නොහැකි කරදර, (පි. 148)