සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 211

ආහනති

ක්‍රි. (ආ+හන √ භු. හිංසායං, නැසීමෙහි +ති) නසයි, හිංසාකරයි. (පි. 147)

ආහනන

න. නැසීම, හිංසාකිරීම, මැරීම. (පි. 147)

ආහර

ක්‍රි. (ආ+හර √ භු. හරණෙ ගෙන ඊමෙහි +ති) ගෙන එව. (පි. 147)

ආහරණ

න. ගෙනඊම, පැමිණීම. (පි. 147)

ආහරණක

පු. ගෙන එන්නා, පමුණුවන්නා. (පි. 147)

ආහරති

ක්‍රි. (ආ+හර √ භු. හරණෙ, ගෙන යාමෙහි +ති) ගෙනඑයි, එළවයි. (පි. 147)

ආහරහත්ථ

පු. අතඉල්ලීම, නැගීසිටීම, අත දෙවයි අනිකෙකුගේ අත ඉල්ලීම. (පි. 147)

ආහරහත්ථක

පු. ප්‍රමාණය ඉක්මවා ආහාර අනුභව කළ බ්‍රාහ්මණ වර්‍ගයක්, නැගිටීමට අත දෙවයි අනිකෙකුගේ අත අල්වා නැගිටන බමුණු ජාතියක්. (පි. 147)

ආහරාපෙත්වා

පු.ක්‍රි. ගෙන්වා. (පි. 147)

ආහරිත්වා

පු.ක්‍රි. ගෙනවුත්, එළවා, පමුණුවා. (පි. 147)

ආහරිම

පු. ගෙනා යුතු, අරගෙන ආයුතු. (පි. 147)

ආහරිය

පු. ගෙනායුතු, අරගෙන ආයුතු. (පි. 147)

ආහරෙය්‍ය

ක්‍රි. (ආ+හර √ භු. හරණෙ, ගෙන යාමෙහි +ය්‍ය) ගෙන එන්නේය, එළවන්නේය. (පි. 147)

ආහව

පු. යුද්ධය. (පි. 147)

ආහවන

න. යාගය, පිදීම, දානය. (පි. 147)

ආහවනීය

පු. එනම් ගින්න, යාගගින්න, යාගකටයුතු දේ. (පි. 147)

ආහාර

පු. චතුබ්බිධ ආහාරය, බත, කෑම, ප්‍රත්‍යය, හේතුව, ගෙනඊම. (පි. 147)

ආහාරක්ඛය

න. ආහාරක්ෂය, ආහාර අනුභවයක් නැතිවීම, දෙවියන්ට මරණය සිදුවන එක් අයුරක්. (පි. 147)

ආහාරජ

ති. ආහාරයෙන් උපන්. (පි. 147)

ආහාරට්ඨ

ති. ආහාර බවට පැමිණි. (පි. 147)

ආහාරට්ඨිතික

පු. ආහාරප්‍රත්‍යයෙන් ජීවත්වන්නා. (පි. 147)

ආහාරට්ඨිතිකා

ඉ. ආහාරය නිසා පවත්නා, “සබ්බෙසත්තා ආහාරට්ඨිතිකා” (පි. 147)

ආහාරත්ථි

ති. ආහාර පිණිස, ආහාර කෘත්‍යය සඳහා. (පි. 147)

ආහාරපරිග්ගහ

පු. ආහාර ලබා ගැනීම, ආහාර සොයා ගැනීම. (පි. 147)