සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 210
ආසු
ක්රි. (ආසු √ භු. භුවි, වීමෙහි +ඌ) ඌහ, සිදුවූහ.
පු. වහා, හනික, ඉක්මනින්. (පි. 146)
ආසුග
පු. සුළඟ, ශරීරය, වහා යන තැනැත්තා. (පි. 146)
ආසුම්භති
ක්රි. (ආ+සුභ √ රු. පහරණෙ, ගැසීමෙහි +ති) දමාගසයි, වීසි කරයි. (පි. 146)
ආසුම්භන
න. වීසිකිරීම, දමා ගැසීම. (පි. 146)
ආසුම්භිත්වා
පු.ක්රි. (ආ+සුම්හ+ඉ+ත්වා) වගුරුවා, හෙළා. (පි. 146)
ආසුර
පු. බළල් ලුණු. (පි. 146)
ආසෙවති
ක්රි. (ආ+සි √ භු. සෙවායං, සෙවීමෙහි +ති) සේවනය කරයි, ආශ්රය කරයි. (පි. 146)
ආසෙවන
න. සේවනය, ආශ්රය. (පි. 146)
ආසෙවමාන
පු. සෙව්නා ලබන, සේවනය කරන. (පි. 146)
ආසෙවිත
ති. සේවනයකළ, ආශ්රයකළ. (පි. 146)
ආසෙවිතනිසෙවිත
ති. සෙවුනා ලද, නිති සෙවුනාලද, “පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං.” (පි. 146)
ආසෙවිතමග්ග
පු. පුරුදුකළ මාර්ගය, ආශ්රිත මාර්ගය. (පි. 146)
ආහ
අ. කීයේය.
ක්රි. බ්රෑධාතුහට පරොක්ෂා විභක්තියෙහිදි ආහ ආදේශ වීමෙන් සිද්ධය) කීයේය. කියා. (පි. 146)
ආහච්ච
පු.ක්රි. ගටා, හපා, ඝෂ්ඨනය කොට. (පි. 147)
ආහච්චපාද
න. සවිකළ පාද ඇති ආසනය. වල් හිස විද සිලුගන්වා කළ පා ඇති ආසනය. “යො පන භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ උපරිවෙහාස කුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා සහසා අභිනිසී දෙය්ය වා අභිනිපජ්ජෙය්ය වා පාචිත්තියං” (පි. 147)
ආහච්චවචන
න. බුද්ධවචනය, බුද්ධදේශනාව, සූත්රාන්තය, “අයං සුත්තන්තො ජින භාසිතො නාම”
න. ගටා කියන වචනය, අනුන්ගේ සිත් රිදෙන පරිදි කියන වචනය. (පි. 147)
ආහඤ්ඡං
ක්රි. (ආ+හන √ භු. ධාත්වන්තයට ඤ්ඡ ආදේශ+ආ) ගසන්නෙමි. “ආහඤ්ඡං අමතදුන්දුභිං.” (පි. 147)
ආහට
ති. එළවනලද, පමුණුවන ලද, ගසන ලද, අනින ලද. (පි. 147)
ආහටකාල
පු. ගෙනා කල, පැමිණවූකාලය. (පි. 147)
ආහත
ති. රූනගා කරන ලද, නසන ලද, ගසන ලද. (පි. 147)
ආහතක
පු. ගසනු ලබන්නා, වහලා. (පි. 147)
ආහතචිත්ත
න. ක්රෝධයෙන් නසන ලද චිත්තය. (පි. 147)
ආහත්වා
පු.ක්රි. ගෙනවුත්, එළවා. (පි. 147)
ආහනත්වා
පු.ක්රි. නසා, හිංසා කොට. (පි. 147)