කාල

kāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඒකකයකින් හතරෙන් පංගුව; හතරෙන් එක (1/4).
2. නා. ප්‍රතිමා ශිල්පයෙහි දී භාවිත වන මිම්මක්; අඟල් (ඇඟිලි) හෝ ඒකක දෙකක ප්‍රමාණය.
3. නා. කුඩා මුගුරක්; ලීයෙන් කළ කුඩා කඩුවක් වැනි ආයුධයක්.
4. නා. තූර්ය භාණ්ඩ විශේෂයක්.
5. නා. ලෝකඩ.
6. (ජ්‍යෝති.) නා. නැකතක නාමය; බෙරණ නැකත.
වි. කළු පැහැයෙන් යුත්; කළු; අඳුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කාළ නා.ප්‍ර. 1. හතරෙන් පංගුව 2. කාලය (සං. කාල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කාලය; මරණය; මාරයා; වෙලාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කාලය=සමය, කලුපැහැය, මරණය යමයා.
√ චු. ගණන් කිරීමෙහි, කාලෙති, කාලයති, ගණන්කෙරෙයි. (පි. 250)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. age
2. n. one-fourth
3. n. quarter
4. n. time

Digital Pāḷi Dictionary