අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 86

කාර්යෝපාය

වි. කාර්යයෙහි උපායශීලී

කාරුණ්‍යය

නා. කරුණාවෙන් යුක්ත බව (සං. කාරුණ්‍ය)

කාරුණික

වි. කරුණාව ඇති; කරුණාවන්ත (පා. සං. කාරුණික)

කාල

වි. කාළ නා.ප්‍ර. 1. හතරෙන් පංගුව 2. කාලය (සං. කාල)

කාලකණ්ණි

වි. කාළකණ්ණි

කාලක්ෂේපය

නා. කල් ගෙවීම (සං. කාලක්‍ෂෙප)

කාලක්‍රියාව

නා. මරණය; කලුරිය කිරීම (සං. කාලක්‍රියා)

කාලගුණ වාර්තාව

නා. කාලගුණය පිළිබඳ ව නිකුත් කරන විස්තරය

කාලගුණය

නා. වායුගෝලීය තත්ත්වය

කාලච්ඡේදය

නා. කාලසීමාව (සං. කාලච්ඡේද)

කාලත්ථම්භය

නා. දිවා කාලයෙහි වේලාව දැනගැනීම සඳහා ඉදිකරන ලද ටැඹ (පා. කාලත්‍ථම්භ)

කාලත්‍රය

නා.ප්‍ර. අතීත, වර්තමාන හා අනාගත යන කාල තුන (සං. කාලත්‍රය)

කාලනිර්ණය

නා.ප්‍ර. කාලය තීරණය කිරීම (සං. කාලනිර්ණය)

කාලභේදය

නා. කාල වශයෙන් වෙනස්වීම

කාලය

නා. අතීත හෝ වර්තමාන හෝ අනාගත හෝ කාලය/ යුගය; වකවානුව (සං. කාල)

කාලවර්ණ

නා.ප්‍ර. කළු පැහැය (සං. කාල+වර්ණ)

කාලවිරෝධය

නා. කාලයට නොගැළපීම

කාල්පනික

වි. සිතින් මවාගත්; කල්පිත (සං. කාල්පනික)

කාලාතික්‍රමණය

නා. කාලය ඉක්මවීම (සං. කාලාතික්‍රමණ)

කාලාන්තරය

නා. අතරතුර කාලය/ දීර්ඝ කාලය (සං. කාලාන්තර)

කාලානුරූප

වි. කාලයට ගැළපෙන (සං. කාලානුරූප)

කාලාර්ථය

නා. කාලය දක්වන අර්ථය

කාලාවරෝධය

නා. බොහෝ කාලයක් නොකඩවා භුක්ති විඳීම නිසා දේපළ භුක්තියට සවිවීම

කාලිංග

නා.ප්‍ර. කලිඟු රට (සං. කාලිඞ්ග)