අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 85
කාමාශාව
නා. කම් සැප කෙරෙහි ආශාව
කාමාසක්ත
වි. කාමයෙහි ඇලුණ (සං. කාමාසක්ත)
කාමිනිය
නා. අතිශය කාමාශා ඇති තැනැත්තිය (සං. කාමිනී)
කායච්ඡේද විද්‍යාව
නා. ශරීරය කොටස් වශයෙන් කපා විශ්ලේෂණය කර දක්වන ශාස්ත්‍රය
කායචිකිත්සාව
නා. සර්වාංග වෙදකම (සං. කායචිකිත්සා)
කායදුශ්චරිත
නා.ප්‍ර. කයින් කරන දුසිරිත්
කාරණය
නා. හේතුව; නිමිත්ත (පා. සං. කාරණ)
කාරණාකාරණා
නා.බහු. කළ යුතු දේ හා නොකළ යුතු දේ
කාරණාව
නා. කාරණය (පා. සං. කාරණ)
කාරබන්ධනය
නා. සරණ බන්ධනය; පාණිග්රහණය
කාර්මිකඥයා
නා. කර්මාන්තයන් පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තා (සං. කාර්මිකඥ)
කාර්ය සාධනය
නා. කාර්යයෙහි සඵල බව
කාර්යක්ෂම
වි. වැඩට යෝග්‍ය; වැඩෙහි දක්ෂ (සං. කාර්යක්ෂම)
කාර්යපටිපාටිය
නා. යම්කිසි වැඩ කොටසක් කිරීමට යොදාගත් සැලැස්ම; ක්‍රියා පිළිවෙල
කාර්යභාරය
නා. කළ යුතු දේ පිළිබඳ වගකීම
කාර්යමණ්ඩලය
නා. කාර්යාලයක හෝ ව්‍යාපාරයක හෝ සේවක පිරිස
කාර්යය
නා. කළ යුතු දෙය; ක්‍රියාව (සං. කාර්ය්ය)
කාර්යශීලී
වි. කඩිසර (සං. කාර්යශීලී)
කාර්යශූර
වි. වැඩෙහි දක්ෂ (සං. කාර්යශූර)
කාර්යසාඵල්යය
නා. කටයුත්ත සාර්ථක වීම
කාර්යාංශය
නා. ආයතනයක වැඩ කොටසක් භාර ව ඇති අංශය (සං. කාර්යාංශ)
කාර්යාලය
නා.ප්‍ර. කන්තෝරුව (සං. කාර්යාල)
නා. එකිනෙකට බැඳී සිදුවන ක්‍රියා සමූහය
කාර්යාලයීය
වි. කාර්යාලය හා සම්බන්ධ