අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 84
ක්‍රමය
නා. ආකාරය; පිළිවෙළ (සං. ක්‍රම)
ක්‍රමාංකනය
නා. අනුපිළිවෙළින් අංක යෙදීම
ක්‍රමාකුංචනය
නා. ක්රමානුකූල හැකිළීම හා දිගහැරීම
ක්රමානුකූල
වි. විධිමත්
ක්රමෝල්ලඞ්ඝනය
නා. පිළිවෙළ කඩ කිරීම
ක්‍රයශක්තිය
නා. මුදලේ වටිනාකම
ක්‍රෑර
වි. නපුරු; දරුණු (සං. ක්‍රෑර)
ක්‍රියාවලිය
නා. සිදුවීම් පන්තිය
ක්‍රියාශීලී
වි. ක්‍රියාවෙහි ඇලුණු
ක්‍රියාශූර
වි. ක්රියාවේ දක්ෂ
ක්‍රිස්තූත්පත්තිය
නා. ක්‍රිස්තුස් වහන්සේගේ උපත
ක්‍රීඩාංගණය
නා. ක්‍රීඩා කරන භූමිය
ක්රීඩාපරවශ
වි. සෙල්ලමේ ඇලුණු
ක්රීඩාභිලාෂී
වි. කෙළිලොල්
ක්‍රෝධය
නා. බලවත් තරහ (සං. ක්‍රොධ)
ක්ෂණික
වි. ඇසිල්ලක් පවත්නා (සං. ක්ෂණික)
ක්ෂත්රිය
වි. රාජවංශයට අයත් (සං. ක්ෂත්රිය)
කාංචන
නා.ප්‍ර. රන්; ස්වර්ණ (සං. කාඤ්චන)
කාංසාව
නා. සැකය; විමතිය/ මනස්තාපය (සං. කාඞ්ක්ෂා)
කාඟුල
නා. කම්මුල රැවුල; ගණ්ඩ රෝමය; කියඹු වැල
කාඤ්චුකය
නා. උඩුකයට අඳින ඇඳුම/ ආවරණය; කවරය (පා. සං. කඤ්චුක)
කාණ්ඩය
නා. ග්‍රන්ථයක කොටස/ කණ්ඩායම; සමූහය/ කට්ටලය; කොටස (පා. කණ්ඩ සං. කාණ්ඩ)
කානුව
නා. ජලය බැස යෑමෙන් සෑදුණු හෝ ඒ සඳහා තනන ලද හෝ අගළ (පුර්. cano)
කාමමිථ්‍යාචාරය
නා. කාමයෙහි වරදවා හැසිරීම