අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 83

ක්ෂණ භංගුර

වි. මොහොතක් පාසා විනාශ වන (සං. ක්‍ෂණභංගුර)

ක්ෂණය

නා. කාලයේ ඉතා ම සුළු කොටස; මොහොත (සං. ක්‍ෂණ)

ක්ෂම

වි. සමත්; දක්ෂ/ ඉවසිලිමත්/ සුදුසු; නිසි (සං. ක්‍ෂම)

ක්ෂමාව

නා. සමාව; කමාව/ ඉවසීම; දරාගැනීම (සං. ක්‍ෂමා)

ක්ෂය

නා.ප්‍ර. අඩු වීම; හීන වීම/ ක්ෂය රෝගය (සං. ක්‍ෂය)

ක්ෂාන්තිය

නා. ඉවසීම; ක්ෂමාව/ නිර්වාණය (සං. ක්‍ෂාන්ති)

ක්ෂාර

වි. කාරම් ගතිය ඇති; කටුක (සං. ක්‍ෂාර)

ක්ෂිතිජය

නා. අහසත් පොළොවත් එක් වූවාක් මෙන් පෙනෙන රේඛාව (සං. ක්‍ෂිතිජ)

ක්ෂිප්ත

වි. දමා ගැසූ; විදින ලද (සං. ක්‍ෂිපත)

ක්ෂිරපථය

නා. චක්‍රවාටය

ක්ෂීණ

වි. ගෙවුණු; ගෙවී ගිය (සං. ක්‍ෂීණ)

ක්ෂීණාශ්‍රව

වි. කෙලෙසුන් නැසූ (සං. ක්‍ෂීණාශ්‍රව)

ක්ෂීරපායාසය

නා. කිරිබත් (සං. ක්‍ෂීරපායාස)

ක්ෂීරපායි

වි. කිරි බොන; කිරි බී වැඩෙන (සං. ක්‍ෂීරපායින්)

ක්ෂීරය

නා. කිරි (සං. ක්‍ෂීර)

ක්ෂුද්‍ර

වි. කුඩා; සියුම්/ පහත්; නීච; හීන (සං. ක්‍ෂුද්‍ර)

ක්ෂුද්‍රජීවියා

නා. ඉතා කුඩා ජීවියා

ක්ෂුධාව

නා. බඩගින්න; කුසගින්න (සං. ක්‍ෂුධා)

ක්ෂේත්‍රඵලය

නා. යම්කිසි තලයක මතුපිට විශාලත්වය; වර්ගඵලය (සං. ක්‍ෂෙත්‍රඵල)

ක්ෂේත්‍රය

නා. කෙත/ යම් කටයුතුවලට විෂය වන ස්ථානය/ යම් කිසිවක් හටගන්නා ස්ථානය (සං. ක්‍ෂෙත්‍ර)

ක්ෂේම

වි. බියෙන් තොර; සැනසුම් සහගත/ යහපත් වූ; සන්සුන් වූ (සං. ක්‍ෂෙම)

ක්ෂේම භූමිය

නා. උවදුරු රහිත ස්ථානය/ කාන්තාරයේ පිහිටි දිය හා ගස්වැල් පිරි සරුබිම (සං. ක්‍ෂෙම+භූමි)

ක්ෂෝභය

නා. කැලඹීම; කුපිත වීම (සං. ක්‍ෂොභ)

ක්‍රම විශේෂය

නා. ක්‍රමයෙන් වෙනස් වී අන්‍යාකාරයකට පෙරළීම