අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 82

කළපුව

නා. ගොඩබිම දෙසට නෙරාගිය නොගැඹුරු මුහුදු කොටස (දෙ. களப்பு)

කළමනා

වි. කිරීමට සුදුසු

කළමනාකරණය

නා. කටයුතු සංවිධානය හා පාලනය

කළමනාකාරිනී

නා.ප්‍ර. යම් ආයතනයක හෝ ව්‍යාපාරයක හෝ කටයුතු මෙහෙයවන තැනැත්තිය

කළය

නා. එනම් භාජනය; ඝටය (පා. සං. කට. සං. ඝට)

කළවම

නා. මිශ්‍රණය (දෙ. களவம்)

කළවය

නා. ඉකිළියත් දණහිසත් අතර වූ කකුලේ මසින් පිරුණු කොටස

කළාමැදිරියා

නා. කලාමැදිරියා

කළාල

නා.ප්‍ර. පන් හෝ කෙඳි හෝ වර්ගයකින් වියා ගත් පැදුර (පා. කටසාර)

කළු

වි. කළු පැහැති; කාල වර්ණ (පා. සං. කාල පා. කාළ)

කළු ඉංගිරියාව

නා. ඇස් ගෝලයේ ඉදිරිපස පිහිටි කළු පැහැති කුඩා කොටස; කෘෂ්ණ මණ්ඩලය

කළුකඩකාරයා

නා. අසාධාරණ ලෙස ලාභ ලබන වෙළෙන්දා

කළුතර

නා.ප්‍ර. ලංකාවේ මුහුදුබඩ ප්‍රසිද්ධ නගරයක නාමය

කළුදිය පොකුණ

නා. මිහින්තලේ පිහිටි පොකුණක නාමය

කළුනික

නා.ප්‍ර. කළු පාට මල් හටගන්නා නික විශේෂයක්; දුර්ලභ ඖෂධයක්

කළුපහණ

නා.ප්‍ර. කළු පාට ගල්; කළු ගල්

කළුලෑල්ල

නා. කළු කරන ලද ලෑලි පුවරුව

කළුවන්

නා.ප්‍ර. කළුපාට; කාළ වර්ණය

කළුවර

නා. අඳුර; අන්ධකාරය/ කළු පැහැති අරටුව සහිත ඉහළ දැවමය වටිනාකමක් සහිත ශාකයක නාමය

කළුවලාව

නා. කළු පැහැති වලාකුළ; වැහි වලාකුළ

කළේබරය

නා. කළේබරය

ක්ලමථය

නා. ශාරීරික හා මානසික වෙහෙස (සං. ක්ලමථ)

ක්ලිෂ්ට

වි. කිලිටි වූ; දූෂිත (සං. ක්ලිෂ්ට)

ක්ලේශය

නා. සිත කිලුටු කරන ධර්මය/ කෙලෙස් නමැති මාරයා (සං. ක්ලෙශ)