අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 81
කව්ලැකිය
නා. කාව්‍ය ව්‍යවහාරය; කාව්‍යයෙන් ලැබෙන උදාහරණය
කව්සිළුමිණ
නා. සිංහල ගී කාව්‍යයක නාමය (සං. කාව්යචූඩාමණි)
කවිකොළය
නා. කවි පෙළක් මුද්‍රිත කඩදාසිය
කවිච්චිය
නා. කුඩා මිටි ඇඳන් විශේෂයක්; සෝපාව (ඉං. couch)
කවීන්ද්‍රයා
නා. මහා කවියා; ශ්‍රේෂ්ඨ කවියා (සං. කවීන්ද්‍ර)
කවීශ්වර
නා.ප්‍ර. කවියන්ගේ ශ්‍රේෂ්ඨයා; මහා කවියා (සං. කවීශ්වර)
කවුන්ටරය
නා. සාප්පුවක හෝ බැංකුවක හෝ මුදල් ගනුදෙනු කරන ස්ථානය (ඉං. counter)
කවුළුව
නා. ජනේලය; කවාටය (ප්‍රා. කවාඩ, කවාල පා. සං. කවාට)
කශේරුකාව
නා. කොඳු ඇට පේළිය (සං. කශෙරුකා)
කෂාය
නා.ප්‍ර. ගින්නෙහි පැසවා කකාරා සිඳ පෙරා ගත් ඖෂධ පානය (සං. කෂාය)
කස
1. නා.ප්‍ර. කසය (සං. කශ) 2. පොල් (සං. කෞශික) 3. කිලුට; ක්ලේශ (පා. කසාය සං. කෂාය) 4. කෘෂිකර්මය (සං. කර්ෂ)
කසළ
නා.ප්‍ර. කුණ; අපවිත්‍ර ද්‍රව්‍ය (පා. කචවර)
කස්කිරිඤ්ඤය
නා. මිට මොළවා අතින් පහර දීමේ දී ඇඟිලි පුරුක් ආවරණය වනසේ අතේ දමා ගන්නා ලෝහයෙන් හෝ හරක් අඟින් කරන ලද ආයුධය
කස්තානය
නා. කොට කඩු විශේෂයක් (පුර්. castao, catana)
කසාවත
නා. සිවුර; චීවරය (පා. කාසායවත්ථ)
කසිණය
නා. සමථ භාවනාවේ දී සමාධිය වැඩීමට යෝගාවචරයා අරමුණු කරගන්නා වස්තුව (පා. කසිණ)
කසී සළුව
නා. කසී දේශයෙහි නිෂ්පාදිත ඉතා සිනිදු වටිනා රෙදි වර්ගයක්
කසුන්
නා.ප්‍ර. රත්රන්; රන් (පා. කඤ්චන සං. කාඤ්චන)
කහ උණ
නා. උණ උත්සන්න වූ විට ශරීරය කහ පැහැ ගැන්වීම ලක්ෂණ කොට ඇති රෝගය
කහඹිලියා
නා. ගෑවුණු විට කැසීම හා පලු නැඟීම ඇති කරන විෂ බූවක් සහිත එනම් පැළෑටිය
කහවණුව
නා. මදටිය විස්සක් නොහොත් අට අකක් බර පැරණි කාසියක්; මස්ස (පා. කහාපණ)
කළ
වි. ‘කරනවා’ යන්නෙහි අතීත කෘදන්තය (සං. කෘත පා. කත)
කළගුණ
නා.ප්‍ර. කළ උපකාරයෙහි ගුණය; කෙළෙහි ගුණය
කළඳ
නා.ප්‍ර. මදටිය ඇට විස්සක බර ප්‍රමාණය (දෙ. கழஞக)