කස

kasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිසකෙස්.
2. නා.ප්‍ර. සිහින් කුඩා කෙඳි.
3. නා.ප්‍ර. කසාවන් වස්ත්‍රය; චීවරය; සිවුර.
4. නා.ප්‍ර. කැස; කැසපට; අමුඩය.
5. නා.ප්‍ර. කසට; කිලුට; ක්ලේශය.
6. නා.ප්‍ර. ගොවිතැන; කෘෂිකර්මය.
7. නා.ප්‍ර. තාල වර්ගයේ ගසක්; පොල්.
8. නා.ප්‍ර. සරුවත් ආදියට දමන කුඩා ඇට හටගන්නා ශාකය.
9. නා.ප්‍ර. පැළෑටියක්; කහ.
1. වි. රතු හා කහ මිශ්‍ර වර්ණයෙන් යුක්ත; කසාවන්.
2. වි. ඉවත් වූ; පහ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කසය (සං. කශ) 2. පොල් (සං. කෞශික) 3. කිලුට; ක්ලේශ (පා. කසාය සං. කෂාය) 4. කෘෂිකර්මය (සං. කර්ෂ)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උරගල, නස්නාපාසාණය.
√ භු. යාමෙහි, තුනීකිරීමෙහි, කංසති, යෙයි, තුනී කරයි.
√ භු. පෙළීමෙහි, කසති, පෙළයි.
√ භු. ඉරි ඇඳීමෙහි, කසති, ඉරි අඳියි, ලියයි. (පි. 247)