සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 376

කවි

පු. ප්‍රාඥයා, වඳුරා, කාව්‍යකාරයා. මුව වළල්ල. (පි. 247)

කවිට්ඨ

න. දිව්ල්ගස. (පි. 247)

කවීකා

ඉ. මුව වළල්ල, කටකලියාව. (පි. 247)

කස

පු. උරගල, නස්නාපාසාණය.
√ භු. යාමෙහි, තුනීකිරීමෙහි, කංසති, යෙයි, තුනී කරයි.
√ භු. පෙළීමෙහි, කසති, පෙළයි.
√ භු. ඉරි ඇඳීමෙහි, කසති, ඉරි අඳියි, ලියයි. (පි. 247)

කසක

පු. සීවැල. (පි. 247)

කසට

ති. තිත්ත, නරක, අමිහිර. (පි. 247)

කසටොදක

න. අමිහිරි ජලය. (පි. 247)

කසති

ක්‍රි. (√ භු. කසවිලෙඛනෙ, ඉරි ඇඳීමෙහි +ති) ඉරි අඳියි. (පි. 247)

කසන

න. සීසෑම=හීහෑම. (පි. 247)

කසම්බු

පු. කසල, කහළ, නොවටිනා දෙය. (පි. 247)

කසම්බුජාත

න. කෙලෙසුනු ජීවිතය. (පි. 247)

කස්මා

අ. කුමක් හෙයින්, කවර හේතුවකින්. (පි. 247)

කස්මීර

පු. එනම් ජනපදය. (පි. 247)

කස්මීරජ

න. කොකුම්. (පි. 247)

කස්ස

√ භු. යාමෙහි, සීසෑමෙහි, කස්සති, යෙයි, සීසායි. (පි. 247)

කස්සක

පු. ගොවියා, සීසාන්නා. (පි. 247)

කස්සති

ක්‍රි. (කස්ස+ති) සීසායි. (පි. 247)

කස්සප

පු. එනම් බුදුරජ, එනම් ගොත්‍රය. (පි. 247)

කස්සපෙය්‍ය

පු. අරුණ. අරුණ බලනු. (පි. 247)

කස්සාම

ක්‍රි. කරන්නෙමු. (පි. 247)

කසා

ඉ. කසය, සැමිටිය, සබුක්කුව, කහ. (පි. 247)

කසාය

පු. ද්‍රවය, කසට රසය, එනම් වර්ණය, සුවඳ බෙහෙතින් කළ කසාය ජලය. (පි. 247)

කසායත්ත

න. කසට බව, රූක්ෂබව. (පි. 247)

කසාව

පු. න. කසට රසය, එම වර්ණය, පඬු පැහැය. (පි. 247)