සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 435
කවිසිමනස
නා. කය, වචනය හා සිත; කාය වාග් චිත්තය.
කවීන්ද්‍රයා
නා. කවීන් අතර ශ්‍රේෂ්ඨයා; මහා කවියා.
කවුඩු මාරාව
(කථා.) නා. පොල් අතු වහලයක ඉහළින් ම බඳින කෝටුව.
කවුන්සලය
නා. රටක, ආයතනයක පාලක මණ්ඩලය; මන්ත්‍රණ සභාව.
කවුසු කරනවා
ක්‍රි. උඩුයටි කරනවා; කරකවනවා; හරවනවා.
කවුළුව
නා. ගොඩනැගිලිවල බිත්ති ආදියේ වාතය හා ආලෝකය ලබා ගැනීමට තබන විවරය; කවාටය; ජනේලය.
කශ්චිත්
නි. යම්කිසි; ඕනෑ ම.
කශීස්වරයා
නා. මුස්ලිම් පූජකවරයා.
කශේරු ධමනිය
(පාරිභා.) නා. කොඳු ඇට පේළියේ පුරුක් මැදින් වැටී තිබෙන රුධිරනාලය (=vertebral artery).
කශේරු නාලය
(පාරිභා.) නා. කශේරුවේ ස්නායු රජ්ජුව හෙවත් සුෂුම්නාව සදහා වූ ඇලිය (=spinal canal).
කශේරු පර්ශුව
(පාරිභා.) නා. කොඳු ඇටයට සම්බන්ධ වූ ඉළ ඇටය (=vertebral rib).
කශේරු සත්ත්වයා
නා. කශේරුව හෙවත් කොඳු ඇට පෙළ සහිත සතා; පෘෂ්ඨ වංශියා.
කශේරුකාරජ්ජුව
(පාරිභා.) නා. කශේරුව හෙවත් කොඳු ඇට පෙළ තුළ පවතින ස්නායු රැහැන; සුෂුම්නාව (=spinal cord).
කශේරුකාව
(පාරිභා.) නා. කොඳු ඇට පෙළේ පුරුක්වලින් එකක්; කොඳු ඇට පුරුක (=vertebra).
කශේරුව
නා. කොඳු නාරටිය; සතුන්ගේ කොඳු ඇට පේළිය; පිටි කොන්ද.
කෂ
නා.ප්‍ර. රන් ආදිය පරීක්ෂා කරන ගල; උරගල.
කෂ්ට
1. වි. නරක; නපුරු.
2. වි. වැරදි සහගත; දොස් සහිත; සාවද්‍ය.
3. වි. තද; දැඩි; අමාරු; වේදනා සහිත.
නා.ප්‍ර. වේදනාව; දුක.
කෂ්ට අපරාධකරු
(පාරිභා.) නා.ප්‍ර. පුරුද්දක් ලෙස දරුණු අපරාධ කරන්නා; භයානක අපරාධකාරයා (=habitual criminal).
කෂ්ට ශ්වාසය
නා. අමාරුවෙන් හුස්ම ගැනීම; දුෂ්කර වූ ආශ්වාසය.
කෂ්ටප්රාය
වි. දුක් කම්කටොලු ගහන වූ; අභාග්‍ය සම්පන්න; අවාසනාවන්ත.
කෂ්ටව්රත
නා.ප්‍ර. ශරීරයට දැඩි දුක් වේදනා දෙන පැවැත්ම; දුෂ්කර චර්යා; කඨෝර ව්‍රත.
කෂාය
1. නා.ප්‍ර. කසට රසය.
2. නා.ප්‍ර. කිලුට; කසට.
3. නා.ප්‍ර. නියමිත පරිදි බෙහෙත් ද්‍රව්‍යවලට ජලය එක්කොට ගින්නෙහි පැසවා කකාරා සිඳ පෙරා ගත් ඖෂධ පානය; පෙරා ගත් ඔසු දියර; ක්වාථය.
කස
1. නා.ප්‍ර. හිසකෙස්.
2. නා.ප්‍ර. සිහින් කුඩා කෙඳි.
3. නා.ප්‍ර. කසාවන් වස්ත්‍රය; චීවරය; සිවුර.
4. නා.ප්‍ර. කැස; කැසපට; අමුඩය.
5. නා.ප්‍ර. කසට; කිලුට; ක්ලේශය.
6. නා.ප්‍ර. ගොවිතැන; කෘෂිකර්මය.
7. නා.ප්‍ර. තාල වර්ගයේ ගසක්; පොල්.
8. නා.ප්‍ර. සරුවත් ආදියට දමන කුඩා ඇට හටගන්නා ශාකය.
9. නා.ප්‍ර. පැළෑටියක්; කහ.
1. වි. රතු හා කහ මිශ්‍ර වර්ණයෙන් යුක්ත; කසාවන්.
2. වි. ඉවත් වූ; පහ වූ.
කස පලය
නා. පොල් ගෙඩිය; කුරුම්බාව; වෑවරය.