සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 434

කවණ

1. වි. දිළිඳු; බැගෑපත්; කාලකණ්ණි; දුඃඛිත.
2. වි. අපිරිසිදු; කිලුටු; අපවිත්‍ර.
1. නා.ප්‍ර. දිළින්දා; දුප්පතා; යාචකයා.
2. නා.ප්‍ර. පැරණි අවධියෙහි භාවිත වූ මුදල් විශේෂයක්; කහවණුව.

කවණි

1. නා.ප්‍ර. සිහින් සිනිඳු රෙදි විශේෂයක්; මුස්ලින් රෙදි.
2. නා.ප්‍ර. පුරාණයෙහි උඩරට ස්ත්‍රීන් කරට දැමූ සළු විශේෂයක්.

කවද

1. නා. යුද ඇඳුම; යුද්ධ සැට්ටය; සන්නාහය.
2. නා. ඇතුන්ගේ බඳ සරසන විසිතුරු ඇඳුම.

කවන්ධය

නා. කබන්ධය; හිස සුන් මළකඳ.

කවය

නා. රවුම; වළල්ල; වෘත්තය; මණ්ඩලය.

කවර

1. නා.ප්‍ර. පොතක කංචුකය.
2. නා.ප්‍ර. ගොතන ලද කෙස් වැටිය.
3. නා.ප්‍ර. ලුණු; ලවණ.
4. නා.ප්‍ර. ඇඹුල් රස.

කවරය

නා. කිසියම් දෙයක් වසා සිටිනා වැසුම; උරය; කොපුව.

කවලග්‍රහ

නා.ප්‍ර. බර ප්‍රමාණයක්; කළං තුන; කර්ෂය.

කවලය

නා. කට පුරා ගත හැකි ප්‍රමාණය; කටින් දරා සිටිය හැකි (ද්‍රව) ප්‍රමාණය; කටට කඩාගත හැකි කැබැල්ල.

කවලිකාව

නා. තුවාලයක් වෙළීමට ගන්නා රෙදි පටිය.

කවළම්

නා.ප්‍ර. කලවම්.

කව්ලැකිය

නා. කාව්‍ය භාෂාව; කාව්‍ය ව්‍යවහාරය; කාව්‍යමය නිදර්ශන; කාව්‍ය සම්ප්‍රදාය.

කවාකාර

වි. රවුම් හැඩය ඇති; වෘත්තාකාර.

කවාටය

1. නා. දොර; දොර පියන.
2. නා. ජනේලය; කවුළුව.

කවි ජන

1. නා.ප්‍ර. පණ්ඩිත ජනයා; උගත් පිරිස.
2. නා.ප්‍ර. කිවියර සමූහයා.

කවි ප්‍රකාණ්ඩ

නා.ප්‍ර. උතුම් කවියා; ශ්‍රේෂ්ඨ කවියා.

කවි සමය

නා. කවි පරපුරෙන් පරපුර සම්මත කර ගත් ආකාරය; කාව්‍ය සම්ප්‍රදාය.

කවිකය

නා. අශ්වයාගේ කටකලියාවේ කටට අසු වන (යකඩයෙන් තැනූ) කොටස.

කවිකාර මඬුව

1. නා. පුරාණ රජ දවස සිටි කවියන් ආදි කලාකරු පිරිස.
2. නා. ඔවුන් රැස් වූ ශාලාව.

කවිචක්‍රය

නා. කැරකෙන මල් වෙඩිල්ල; ගිනි දැල්වූ විට වක්‍රාකාර ව කරකැවෙමින් ගිනිමල් විහිදුවන ගිනිකෙළි භාණ්ඩ විශේෂය.

කවිච්චිය

නා. ඉඳ ගැනීමට හෝ නිදා ගැනීමට භාවිත කළ හැකි කැටයම් සහිත ආසන විශේෂයක්.

කවිත්වය

1. නා. උගත්බව; පාණ්ඩිත්‍යය.
2. නා. කවිතාව; කාව්‍ය නිර්මාණාත්මක ශක්තිය.

කවිය

නා. චමත්කාරය උපදවන නිර්මාණය; පද්‍යය; කව.

කවියා

1. නා. චමත්කාරය උපදවන සෞන්දර්යාත්මක නිබන්ධ රචනා කරන්නා; කාව්‍ය රචකයා.
2. නා. උගතා; නැණවතා; පඬිවරයා.