සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 433
කලිත
වි. ගන්නා ලද; ගත්; උසුලන ලද.
කලිඳු
1. නා.ප්‍ර. දෙවි කෙනෙකුගේ නාමය; විෂ්ණු.
2. නා.ප්‍ර. යමුනා නදිය.
කලිප්පිච්චිය
නා. (කථා.) හදිසි කලබලය; අනවශ්‍ය කලබලය; කුලප්පුව.
කලිමන්
නා.ප්‍ර. ආශාව; තෘෂ්ණාව.
කලිය
1. නා. දැඩි ආශාව; තෘෂ්ණාව.
2. නා. සුන්දර වූ තැනැත්තිය; කාන්තාව.
3. නා. ඔයක හෝ ගඟක ගැඹුරු තැන; ගැඹුරු මඩ ගොහොරුව.
4. නා. කලබලය; කරදරය; විපත්තිය.
කලියුග වර්ෂය
නා. කලියුගයේ ආරම්භයෙහි සිට ගණන් ගන්නා වර්ෂය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි භාවිත වන වර්ෂයක්.
කලියුගය
නා. මහා යුගයක් බෙදනු ලබන යුග හතරින් හතරවැන්න.
කලිසිත
වි. යහපත් සිත; කල්‍යාණාධ්‍යාශය.
කලු
වි. සිත් ඇද ගන්නා; ආසක්ත; කාන්ත; ප්‍රිය.
1. නා.ප්‍ර. කාන්තාව; ස්ත්‍රිය; ගැහැනිය.
2. නා.ප්‍ර. කාන්තයා; වල්ලභයා; ස්වාමි පුරුෂයා.
කලුරිය කරනවා
ක්‍රි. මිය යනවා; මරණයට පත් වෙනවා; කාලක්‍රියා කරනවා.
කලුෂය
1. නා. අපවිත්‍ර දෙය; කසළ; කිලුට; දෝෂය; පලුද්ද.
2. නා. පාපය.
කලුළ
වි. කෙස් නැති; තට්ට.
කලේබරය
නා. ශරීරය; දේහය; මෘතශරීරය.
කලේළි
වි. අලංකාර; කදිම; හැඩරුව ඇති.
කව
1. නා. පද්‍ය ග්‍රන්ථය; කාව්‍ය ග්‍රන්ථය; කාව්‍ය සංග්‍රහය
2. නා. කාව්‍යය; කවිය; පද්‍යයෙන් කරන ලද නිර්මාණය.
කවක
නා.ප්‍ර. හතු; දිලීර.
කවකටුව
නා. වෘත්ත හෝ චාප ඇඳ ගැනීමට භාවිත කරන උපකරණය.
කවකුරු
(පාරිභා.) වි. බීජාධාරකය සහ අනුද්වාරය එක එල්ලේ නොසිටින පරිදි ඩිම්බය නැමුණු (=campylotropous).
කවචධර
වි. පිට කටුවක් දරන්නා වූ; පිට කටුව සහිත.
කවචය
1. නා. යුද ඇඳුම; යුද්ධ සැට්ටය; සන්නාහය; කංචුකය; සැට්ටය.
2.(පාරිභා.) නා. පිටවැස්ම; පිටකටුව (=shell).
3. නා. පටහ බෙර.
4. නා. ආරක්ෂා යන්ත්‍රය; ආරක්ෂා මන්ත්‍රය.
කවට
1. වි. විහිළු කරන; විකට වූ.
2. වි. කපටි; කූට; කෛරාටික.
කවටයා
නා. විහිළු-තහළු කරන්නා.
කවඩිය
(පාරිභා.) නා. උරෝස්ථියේ අපර සලාකය; උරොස්ථි කුණ්ඩය (=xiphisternum).
කවඩියා
1. නා. මුහුදෙහි සිටින බෙල්ලන් විශේෂයක්.
2. නා. මුදල් වශයෙන් භාවිත වුණු සිප්පි බෙල්ලා.