සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 436
කසකාරයා
නා. පෙරහැර උත්සව ආදියේ කස පුපුරවන තැනැත්තා ; රැහැන් ගසන්නා.
කසට
1. වි. කහට බවින්, පැහැයෙන් හෝ රසයෙන් යුක්ත; කෂාය වර්ණය, ස්වභාව හෝ රසය ඇති.
2. වි. නීච; දීන.
නා. කහට පැහැය; කසට පැහැයේ ස්වභාවය; කසට රසය.
කසඳුන්
නා.ප්‍ර. රත් සඳුන්.
කසපැන්
නා.ප්‍ර. කුරුම්බා වතුර; වෑවර වතුර.
කසය
1. නා. අසුන්මෙහෙයවීමේදීත්, අපරාධකරුවන්ට දඬුවම් දීමේදීත් පහර දීමට භාවිත කෙරෙන රැහැන; සැමිටිය; සබුක්කුව.
2. නා. වේගයෙන් වැනූ කල ̋පට පට” යන ශබ්දය උපදවන්නා වූ ද දේශීය පෙරහැර උත්සව ආදියෙහි භාවිත වන්නා වූ ද, ලණු පටවල් වියා සාදා ගනු ලබන්නා වූ ද උපකරණයක්.
කසලුව
නා. කූඩුව; කැදැල්ල; වාසස්ථානය; ආශ්රයස්ථානය.
කසවු
නා.ප්‍ර. රන් කෙඳි; රන් හූ.
කසළ
1. නා. කුණු; කුණුරොඩු; ඉවත දමන අපවිත්‍ර ද්‍රව්‍ය; අපිරිසිදු දේ.
2. නා. අසූචි; වර්චස්; මල.
කස්
1. නා.ප්‍ර. රත්රන්.
2. නා.ප්‍ර. කැසීම; කැසීම ලක්ෂණ කොට ඇති හොරි දද ආදිය; කණ්ඩූතිය.
3. නා.ප්‍ර. කෙළවර; වාටිය; අයින; පර්යන්තය.
4. නා.ප්‍ර. කසය; සැමිටිය.
5. නා.ප්‍ර. සැකය; කුකුස.
6. නා.ප්‍ර. ඇත් බඳ මැද බඳනා පොරොද්ද.
වි. රළු; ගොරෝසු; කර්කශ.
කස්කරකය
නා. පැන් බහාලන භාජන විශේෂයක්; පැන් කෙණ්ඩිය.
කස්කිඤ්ඤය
1. නා. ඇට මාලයක අගස්ති, පබළු ආදිය ඇමිණීමේදී එක එක ඇටය දෙපැත්තේ හසු කොට තැබීම සඳහා යොදන රන්රිදී ආදියෙන් තැනූ පියල්ල.
2. නා. කස්කිඤ්ඤ යොදා තැනූ අගස්ති හෝ පබළු මාලය.
කස්කුරුප්පුව
නා. බෝතල්වලින් පොරොප්ප මූඩි ඇද ඉවත් කිරීමට භාවිත කරන ඉස්කුරුප්පු දඟරයෙන් යුත් උපකරණය.
කස්ට
1. වි. නීරස; කර්කශ; ගොරෝසු.
2. වි. තද; නපුරු; ක්‍රෑර; නිර්දය.
කස්ටර්ඩ්
නා.ප්‍ර. කිරි උණු කොට බිත්තර මදය යොදා සීනි එකතු කර පිළියෙල කරගන්නා උකු ද්‍රවය.
කස්තානය
නා. අගින් වක් වූ කෙටි කුඩා කඩු විශේෂයක්.
කස්තිරම
1. නා. අඩව්වට සූදානම් වන නැටුම; නැටීම, පැවැත්වීම, වෙනස් කිරීම ආදි අවස්ථාවල දී නටන පද විශේෂයක්.
2. නා. විගඩම; නාඩගම.
කස්තුරි
1. නා.ප්‍ර. හිමාලයෙහි වෙසෙන මුව වර්ගයක නාභියෙහි තැන්පත් ව ඇතැයි සැලකෙන සුවඳැති ඖෂධ ද්‍රව්‍යය.
2. නා.ප්‍ර. උරුලෑ සට්ටම්.
කස්මාර්ථය
නා. කුමක් හෙයින් ද යන අර්ථය; ප්‍රශ්නාර්ථය.
කස්ස
1. නා. උඩුකය වැසෙන සේ හෝ එය ආරක්ෂා වන සේ අඳින සැට්ටය; සන්නාහය.
2. නා. කොපුව; කෝෂය; පසුම්බිය.
3. නා. කිසිල්ල.
කස්සකයා
නා. ගොවියා.
කසා
වි. කසටින් යුත්; කසටින් රදන් කළ හෙවත් කසට පොවන ලද.
නා.ප්‍ර. කහ පැහැය; කසට පැහැය; රතට හුරු කහ පැහැය; රන්වන් පැහැය.
කසාද උරුමය
නා. (දේපොළ ආදියෙන්) විවාහක ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට ඇති නීත්‍යනුකූල අයිතිය.
කසාද බඳිනවා
ක්‍රි. සරණ බන්ධනයට පිවිසෙනවා; කරකාර බඳිනවා.
කසාදය
නා. ස්ත්‍රී පුරුෂ දෙදෙනකු නීත්‍යනූකූල අඹුසැමියන් බවට පත්වීම; සරණ බන්ධනයට ඇතුළත් වීම; කරකාර බන්ධනය; අවාහ විවාහය.