සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 437
කසාව
1. නා. කෙලෙස් මල.
2. නා. ප්‍රධාන රස හයෙන් එකක්; කහට රසය.
කසාවත
නා. කාෂාය වස්ත්‍රය; චීවරය; සිවුර.
කසාවන්
වි. කහ පාට ඇත්තා වූ; කෂාය වර්ණයෙන් යුක්ත වූ; රතු මිශ්‍ර කහපාටින් යුත්.
නා.ප්‍ර. කහට පාට; කෂාය වර්ණය; රතට හුරු කහපාට.
කසි
1. නා.ප්‍ර. කැස්ස; කැස්ස ලක්ෂණ කොට ගත් රෝගය.
2. නා.ප්‍ර. ගොවිතැන; කෘෂිකර්මය.
3. නා.ප්‍ර. කාශි ජනපදය; කසීරට.
කසිණභාවනා
නා.ප්‍ර. කසිණයන් අරමුණු ලෙස ගෙන කරන භාවනාව.
කසිණය
නා. සමථ භාවනාවේ දී සමාධිය වැඩීමට යෝගාවචරයා අරමුණු කර ගන්නා වස්තුව.
කසිණා ලම්බනය
නා. භාවනා කර්මයට උපයෝගී වන කසිණ අරමුණ.
කසිස්
නා.ප්‍ර. රසායනික උපධාතු වර්ගයක් වන පච්ච සීනක්කාරම්.
කසී භාණ්ඩ
නා.බහු. ගොවිතැනට අවශ්‍ය උපකරණ; කෘෂිකාර්මික උපකරණ.
කසීසළු
නා.ප්‍ර. දඹදිව කසී දේශයෙහි වියනු ලැබූ සිනිඳු අගනා වස්ත්‍ර විශේෂය.
කසුකම්
නා.ප්‍ර. රන් රිදී ආදියෙන් කරන ලද කැටයම් මුතු මැණික් ආදිය ඔබ්බා අලංකාර කරන ලද විසිතුරු කර්මාන්ත.
කසුකුසුව
නා. කනට කොඳුරා කියන කථාව; අනුන්ට නොඇසෙන සේ යමක් කීම; රහසේ කෙරෙන කතාබහ.
කසුන්
නා.ප්‍ර. රත්රන්; රන්.
වි. රනින් කළ; රන්මුවා; ස්වර්ණමය.
කසුන්ගිර
නා. මහාමේරු පර්වතය; මහමෙර.
කසුන්පා
1. නා.ප්‍ර. රනින් කළ පාත්‍රය; ස්වර්ණ පාත්‍රය.
2. නා.ප්‍ර. රන් තැටිය.
කසුන්වන්
නා.ප්‍ර. රන්වන් පාට; රන් පැහැය; කාංචන වර්ණය.
කසුබ්
නා.ප්‍ර. කැස්බෑවා.
කසුලාව
නා. (ක්‍රිස්ති.) හිස් වැස්ම සහිත ලෝගුව.
කහ
වි. රන්වන්; කසාවන්; පීත.
1. නා.ප්‍ර. රන්වන් පැහැය; කසාවන් පැහැය; කහපාට; පීත වර්ණය.
2. නා.ප්‍ර. කෑමවල රස සහ වර්ණය සඳහා සහ ඖෂධයක් වශයෙන් භාවිත කරන අල වර්ගය හෝ එය සෑදෙන පැළෑටිය.
3. නා.ප්‍ර. කසාවත; කෂාය වස්ත්‍රය; සිවුර; චීවරය.
කහ දිය
නා. කහකුඩු මිශ්‍ර කළ ජලය; අමු කහ සිහින් ව කපා දමා සාදා ගත් වතුර; කහ වතුර.
කහ ලපය
(පාරිභා.) නා. ඇසේ කනීනිකාව ඉදිරියෙහි ඇති කහපාට ලපය (=yellow spot).
කහකඩ
1. නා. කහපාට රෙදි කැබැල්ල; කාෂාය වස්ත්‍රය; චීවරය.
2. නා. වෑවර ගෙඩිය ඇතුළත ඇස්සට යටින් ඇති ළා කොටස; වෑවර ගෙඩියේ ළා මුඩ්ඩ හා කටුව.
කහපණ
නා.ප්‍ර. මදටිය විස්සක් නොහොත් අට අකක් බර පුරාණ කාසියක්; කහවණුව.
කහපත
(පාරිභා.) නා. (සමහර රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීම පිණිස යොදා ගන්නා) කහ කවනු ලැබූ රසායනික කඩදාසිය (=turmeric paper).