සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 438
කහපත්නහර
නා.ප්‍ර. බෙල්ල දෙපස ඇති බලනහර දෙක.
කහබහන
නා. භික්ෂූන් ඉණෙහි බඳින පටිය; බඳ පටිය.
කහවණු
නා.ප්‍ර. කහපණ.
කහවත්
නා.ප්‍ර. කහ පාට වස්ත්‍රය; සිවුර.
කහසන්
වි. කසාවතින් වැසුණු; සිවුරු පෙරෙවි.
කහා
1. නා.ප්‍ර. (තෙල්) මණ්ඩිය; කල්කය; තෙල්කා.
2. නා.ප්‍ර. සිවුර; චීවරය; කාෂාය වස්ත්‍රය.
කහාපණක
නා.ප්‍ර. මුළු සිරුර හිස පටන් තියුණු මුවහත් ආයුධවලින් කහවණු ප්‍රමාණ කුඩා කැබලිවලට කපා දැමීමෙන් කරනු ලබන පැරණි වධයක්.
කළ
1. නා.ප්‍ර. කළු හෝ තද නිල් පැහැය.
2. නා.ප්‍ර. විෂ; සර්ප විෂ.
3. නා.ප්‍ර. පැදුර; කළාලය.
4. නා.ප්‍ර. වළල්ල; කටකාභරණය.
කළ දැස
නා. කළෙන් වතුර ඇදීමේ මෙහෙයෙහි යෙදෙන දාසිය; කුම්භ දාසිය.
කළගෙඩි නැටුම
නා. කළගෙඩි භාවිත කරමින් කරන ජන නැටුම් විශේෂයක්; කළගෙඩි කෙළිය.
කළතලා
නා.ප්‍ර. සමෙහි ඇතිවන කළුපාට කැළල.
කළඳ
නා. මඳටිය 20 ක බර ප්‍රමාණය.
කළපු නිධිය
(පාරිභා.) නා. කළපු පත්ලෙහි තැන්පත් වී ඇති ද්‍රව්‍ය (=lagoonal deposit).
කළපුව
නා. ගොඩබිම දෙසට නෙරා ගිය නොගැඹුරු මුහුදු කොටස.
කළබ
[කළ + අබ]
1. නා.ප්‍ර. කළු වලාකුළු; වැහි වලාකුළු.
2. නා.ප්‍ර. මිනිරන්.
කළබ කුළ
නා. කළු වලාකුළ; වැහි වලාකුළ.
කළබදුරු
නා.ප්‍ර. සිතු පැතූ දේ දෙන භද්‍ර ඝටය.
කළබඳ
නා. කළු පැහැති ශරීරය; කාළ වර්ණ දේහය.
කළමනා
වි. කළ යුතු; කිරීමට යෝග්‍ය.
නා.ප්‍ර. අවශ්‍ය දෙය; බඩුබාහිරාදිය; උපකරණ.
කළමනාකරණය
(පාරිභා.) නා. යම්කිසි ආයතනයක හෝ ව්‍යාපාරයක කටයුතු මෙහෙයවීම; කටයුතු සංවිධානය සහ පාලනය (=management).
කළමිඩිය
නා. කළයෙන් දිය අදින දාසිය; දිය ගෙන එන දාසිය; කළ දැස.
කළමිල
නා.ප්‍ර. බඩුවක් තැනීමට ගෙවන කුලිය හෝ ගාස්තුව.
කළය
1. නා. විශේෂයෙන් දිය රැස් කොට ගැනීම සඳහා භාවිත වන කට කුඩා භාජනය; ඝටය.
2. නා. රා අරක්කු මැනීමේ දී භාවිත කරන බෝතල විස්සක ප්‍රමාණයේ මිනුමක්.
කළවටු
නා.ප්‍ර. කළයක හැඩය ගත් කුලුනු හිස; ගෝලාකාර ටැම්හිස.