සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 439
කළවන්
1. නා.ප්‍ර. කළුපාට; තද නිල්පාට; කාළ වර්ණය.
2. නා.ප්‍ර. අභාග්‍ය සම්පන්න පුද්ගලයා; කාලකණ්ණියා.
කළවම්
වි. වර්ග කිහිපයක් එක් වූ; මිශ්‍ර.
නා.ප්‍ර. කිහිප වර්ගයක් එක් කර සාදන ලද්ද; මිශ්‍රණය.
කළවය
නා. උකුළත් දණහිසත් අතර වූ කකුලේ මසින් පිරුණු කොටස.
කළහස
නා. කළු පැහැති හංසයා; කාළහංසයා.
කළහළමනා
නා. (යම්කිසි කාර්යයක් සඳහා උපකරණ; අවශ්‍ය) බඩුබාහිරාදිය; අඩුවැඩිය.
කළා
නා.ප්‍ර. වළල්ල.
කළාර
වි. ඉදිරියට නෙරා ගිය.
කළාල
නා. පන් වර්ගවලින් වියා ගත් පැදුරු.
කළිංගුරු
(කථා.) නා.ප්‍ර. පිත්තලවල බැඳෙන මලකඩ; පිත්තල මල.
කළිප්පාක්කු
නා.ප්‍ර. වියළා ගත් ගොළෑ පුවක්; කහට පුවක්; පෙති පුවක්.
කළීර
නා.ප්‍ර. පැළෑටියක ළා ගොබය හෝ බඩය.
කළීරච්ජේදය
නා. හුණු කිළිල් වේ බඩ ආදිය සේ සිරුර කැපීමේ පුරාණ රාජ දඬුවම් ක්‍රමයක්.
කළු
නා. අතිශය අඳුරු පැහැය; කාළවර්ණය.
1. වි. කළු පැහැති; කාළ වර්ණ; අඳුරු.
2. වි. සැඩ පරුෂ; චණ්ඩ.
කළු ඉංගිරියාව
නා. ඇසෙහි කෘෂ්ණ මණ්ඩලය.
කළු කඩය
නා. හොර කඩය; අයුතු ලාභ ලැබීම සඳහා අධික මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැල.
කළු කුමාරයා
නා. තරුණියන් ලෙඩ කරවතැයි විශ්වාස කරනු ලබන යක්ෂයෙක් නොහොත් දෙවියෙක්.
කළු ගල
නා. ආග්නේය වර්ගයට අයත් පාෂාණ වර්ගයක්; නයිස් පාෂාණය.
කළු මදිනවා
ක්‍රි. පුස්කොළ ඉරුවක ලියන ලද අකුරු පැහැදිලි වීම සඳහා දුම්මල තෙල් හා අඳුන් දැලි යෙදු කළුපාට මිශ්‍රණයක් ආලේප කර පිරිමදිනවා.
කළුකපා එළිය
නා. අරුණට ප්‍රථම වැටෙන එළිය; අරුණාලෝකය.
කළුකම්බිලියා
නා. වන්නියේ පුදනු ලබන දේවතාවෙක්.
කළුගෙඩිය
1. (කථා.) නා. වී මැනීමට භාවිත කරන මිනුම් ඒකකයක්; කුරුණිය
2. නා. වළඳ; මුට්ටිය.
3. නා. ඔළුව; හිස.
කළුදෑ කඩ
නා. කළු පාට කිලිටි රෙද්ද.
කළුදෑවා
1. නා. කොටළුවා.
2. නා. කාළවර්ණ තැනැත්තා.
කළුදියමන්ති
නා.ප්‍ර. ගල්අඟුරු.