සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 440

කළුපොල් මාළුව

නා. පොල් හා කුළුබඩු බැද අඹරා දමා සකස් කළ (ලෙලි සහිත) කොස් ඇට ව්‍යංජනය.

කළුබිම

නා. කළු ඉංගිරියාව.

කළුව

1. නා. කළු පාට; කාළ වර්ණ ස්වභාවය.
2. නා. කළු පැහැති දෙය.
3. නා. විෂ.

කළුවන්

1. නා.ප්‍ර. කළුපාට; කාළවර්ණය; අඳුරු වර්ණය.
2. නා.ප්‍ර. කාලකණ්ණි තැනැත්තා හෝ තැනැත්තිය; අභාග්‍යසම්පන්න පුරුෂයා හෝ ස්ත්‍රිය.

කළුවර

1. නා. අඳුර; අන්ධකාරය; තිමිරිය.
2. නා. කළුපාට අරටුවෙන් යුත් ගසක නාමය.

කළුවර දෙපෝය

නා. චන්ද්‍ර මාසයෙහි අන්තයේ එන දෙදින; අමාවක් පොහෝ දින දෙක.

කළුහර

නා.ප්‍ර. කළුවර ගස.

ක්ලමථය

නා. ශාරීරික හෝ මානසික වෙහෙස; විඩාව; ක්ලාන්තය; ක්ලමය.

ක්ලාන්තය

නා. අධික වෙහෙස; (චණ්ඩ සූර්ය රශ්මිය ආදිය නිසා ඇතිවන) මලානික බව; විඩාව; ශරීරයේ අප්‍රාණික බව; මුසපත් වීම.

ක්ලින්න

වි. තෙත් වූ; තෙත් ගතිය ඇති.

ක්ලිෂ්ට

වි. කිලිටි; දූෂිත; අපවිත්‍ර; අපිරිසිදු.
1. නා.ප්‍ර. ලුණු අධිකව ගැනීමෙන් ඇති වන රෝගී අවස්ථාවක්.
2. නා.ප්‍ර. ක්ලේශ උත්පත්තියට හේතු වන දෙය.

ක්ලුප්ත

වි. පිළියෙල කරන ලද; සූදානම් කළ; සකස් කරන ලද.

ක්ලේදක

වි. තෙත් කරන.
නා.ප්‍ර. ආමාශයෙහි ඇති සෙම.

ක්ලේදනය

නා. තෙමීම; තෙත් කිරීම.

ක්ලේදය

1. නා. තෙතමනය; තෙත් ගතිය; ආර්ද්‍රතාව.
2. නා. සෙම; ශ්ලේෂ්මය.
3. නා. අපවිත්‍ර දෙය; කුණු වූ හෝ පල් වූ අපද්‍රව්‍ය.

ක්ලේද්‍ය

(පාරිභා.) වි. තෙත් වන සුලු; ද්‍රාවණශීල.

ක්ලේශ

1. නා.ප්‍ර. සිත කිලිටි කරන සාධක; සත්ව සන්තානය දවන තවන ධර්ම.
2. නා.ප්‍ර. දුක්; පීඩා.

ක්ලේශ කාමය

නා. පස්කම් සුව පිළිබඳ ව ඇති ඇල්ම; රූපාදි අරමුණුවලට සිත බැඳීම; කාම තෘෂ්ණාව.

ක්ලේශ පරිනිර්වාණය

නා. සියලු කෙලෙසුන් නසා නිවන අවබෝධ කර ගැනීම.

ක්ලේශභරිත

වි. කෙලෙස්වලින් පිරුණු.

ක්ලේශාපගමය

[ක්ලේශ + අපගමය]
නා. කෙලෙසුන් පිළිබඳ ඇල්ම; කෙලෙස් ධර්මයන්හි ඇලී ගැලී විසීම.

ක්ලේශාභිරතිය

නා. කෙලෙසුන් පිළිබඳ ඇති ඇල්ම; කෙලෙසුන් කෙරෙහි ඇති බලවත් කැමැත්ත.

ක්ලොරොක්වීන්

(පාරිභා.) නා.ප්‍ර. (වෛද්‍ය) මැලේරියාවට දෙන ඖෂධයක්.

ක්ලොරොෆෝම්

නා.ප්‍ර. ආඝ්‍රාණය කළ විට සිහිසන් නැති කිරීමට ශක්තියක් ඇති නිර්වර්ණ ද්‍රව්‍යයක්.