සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 441
ක්ලෝනය
(පාරිභා.) නා. මව් පැළයකින් බද්ධ කිරීමෙන් කෘත්‍රිම ලෙස බෝකරනු ලබන ශාක කාණ්ඩය; එකම මාතෘ සත්ත්වයකුගෙන් හෝ ශාකයකින් පැවතෙන්නා වූ දරු පරම්පරා ශ්‍රේණිය (=clone).
ක්ලෝම අශ්මරිය
(පාරිභා.) නා. අග්න්‍යාසයෙහි ගල් හටගැනීමෙන් ඇති වන රෝගය.
ක්ලෝමදාහය
1. (පාරිභා.) නා. ක්ලෝම නාලවල ශ්ලේෂ්මල පටල තුළ ඇති වන ප්‍රදාහය; බ්රොන්කයිටිස්.
2. නා. අග්න්‍යාසයෙහි හට ගන්නා ප්‍රදාහය.
ක්ලෝමපාකය
නා. පෙණහැලිවල ප්‍රදාහ ලක්ෂණ කොට ඇති රෝගයක්; නියුමෝනියාව.
ක්ලෝමය
1. නා. පෙණහැල්ල දක්වා හුස්ම යන එන නාලය; ශ්වාසනාලය.
2. නා. පෙණහැල්ල.
3. නා. අග්න්‍යාසය; ඇලදිව.
4. නා. දලබුව.
ක්ලෝරපිල්
නා.ප්‍ර. පැළෑටි, පත්රාදියට කොළ පැහැය ලබා දෙන ද්‍රව්‍යය, හරිතප්රද.
ක්ලෝරීන් වායුව
නා. පලාවන් කහ පැහැති කටුක ගඳක් ඇති විරංජන වායුව.
ක්වණනය
නා. හඬ නැඟීම; ශබ්ද කිරීම; නාදය.
ක්වථික
1. වි. උණු කළ; නටන තෙක් උණු වූ; පැසවූ.
2. වි. කුණු වූ; පූති භාවයට පැමිණි.
ක්වාථය
නා. ඖෂධ ද්‍රව්‍ය ප්රමාණානුකූල ව එකට තම්බා සාදා ගනු ලබන කෂාය.
ක්වාසි
නා.ප්‍ර. මුස්ලිම් නීතිය අනු ව දික්කසාද නඩු විසඳීම සඳහා පත් කෙරෙන අධිකරණ බල සහිත නිලධාරියා.
ක්විනින්
(පාරිභා.) නා.ප්‍ර. මැලේරියා රෝගයට ප්රත්යක්ෂ වශයෙන් සින්කෝනා ගසේ පොත්තෙන් ලබා ගන්නා ඖෂධයක්.
ක්ෂණ ක්ෂණයෙහි
ක්‍රි.වි. මොහොතක් පාසා; ඇසිල්ලකින්.
ක්ෂණ කාලය
නා. කුසල් දහම් කිරීමට යෝග්‍ය මිනිසත් බවක් ලැබීම වැනි දුර්ලභ කාල පරිච්ඡේදය.
ක්ෂණ නියමය
නා. සෑම සංස්කාර ධර්මයක්ම උත්පාද, ස්ථිති, භංග යන අවස්ථා තුනට යටත්ව ඇති බව ප්‍රකාශ කරන සිද්ධාන්තය.
ක්ෂණ නිරෝධය
නා. නාම රූප ධර්ම මොහොතක් පාසා අභාවයට යෑම.
ක්ෂණ සම්පත්තිය
නා. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යයකු ව ඉපදීම; අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදී ලබන මනුෂ්‍යත්වය හෝ දිව්‍ය බ්‍රහ්ම සම්පත්තිය.
ක්ෂණත්රය
නා. සංස්කාර ධර්ම ඇති වීම, පැවතීම, නැති වීම යන තුන් අවස්ථාව.
ක්ෂණතැන්පත්
නා.ප්‍ර. වහා මුදල් ලබා ගත හැකි ජංගම ගිණුම් හා සම්බන්ධ බැංකු තැන්පතුව.
ක්ෂණය
1. නා. ඇසිපිය හෙළන කාල ප්‍රමාණය; ඇසිල්ල; මොහොත; නිමේෂය.
2. නා. අවකාශය; ඉඩ ප්‍රස්ථාව.
ක්ෂණික
1. වි. ඇසිල්ලක කාලයක පවත්නා.
2. වි. ඉක්මන් ඇසිල්ලකින්.
ක්ෂණික ඡායාරූපය
නා. (පිළියෙළ කළ ස්ථානයක නොසිට) එවේලේ ම ගනු ලබන ඡායාරූපය; ඇසිල්ලකින් ගන්නා සේයාරුව.
ක්ෂණික ප්‍රීතිය
නා. එකවර ම කෙළවර නොවී නැවත නැවත ඇතිවන ප්‍රීතිය; ක්ෂණයක් පාසා ඇතිවන ප්‍රීතිය.
ක්ෂණික මරණය
1. නා. සත්ත්වයාගේ චිත්තක්ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ විනාශය; බිඳී යෑම.
2. නා. බලාපොරොත්තු රහිතව සිදුවන හදිසි මරණය.