සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 442
ක්ෂත
1. වි. තුවාල වුණු; තැළුණු.
2. වි. නසන ලද.
1. නා.ප්‍ර. තුවාලය; වණය; තැල්ම.
2. නා.ප්‍ර. කාස රෝගයක්; පස් වැදෑරුම් කාස රෝගවලින් එකක්.
3. නා.ප්‍ර. ජන්ම පත්‍රයක හයවැන්න; ශත්‍රැස්ථානය.
4. නා.ප්‍ර. ශීර්ෂ රෝගයක්.
ක්ෂතජ
වි. තැළීම හෝ තුවාල වීමෙන් හටගත්.
නා.ප්‍ර. සැරව.
ක්ෂත්රිය
වි. රාජ වංශයට අයත්; රාජ කුලයේ උපන්; රාජවංශික.
1. නා.ප්‍ර. පැරණි ඉන්දියා සමාජයේ පැවති වර්ණ සතරින් එකක් වූ රජ කුලය; රාජවංශය.
2. නා.ප්‍ර. දියමන්ති සතර වර්ගයෙන් එකක නාමය.
3. නා.ප්‍ර. ගජමුතු වර්ගයක්.
ක්ෂත්රිය රාශිය
නා. මේෂ, සිංහ, ධනු යන රාශි ඇතුළත් රාශි ගණය.
ක්ෂත්රියයා
නා. ක්ෂත්රිය වංශයට අයත් තැනැත්තා; රාජවංශිකයා.
ක්ෂතිය
1. නා. තුවාලය; වණය.
2. (පාරිභා.) නා. මානසික රෝගයකට මුල් විය හැකි චිත්ත වේගාත්මක කම්පනය.
3. නා. හානිය; පීඩාව; අලාභය; පාඩුව.
ක්ෂතෝදරය
නා. බඩවැල හිල් වී ස්රාවය බැහැර යෑමෙන් සෑදෙන උදර රෝගයක්; පරිස්‍රාවී උදරය.
ක්ෂපණක
නා.ප්‍ර. ජෛන තාපස කොට්ඨාසයක්; නිගණ්ඨයා; සන්නාසියා; දිගම්බර තාපසයා; අචේලකයා.
ක්ෂපා
නා.ප්‍ර. රාත්‍රිය; රැය; නිශාව.
ක්ෂපිත
වි. නැති කළ; විනාශ කළ; ක්ෂය කරන ලද.
ක්ෂම
1. වි. සමත්; දක්ෂ; සමර්ථ.
2. වි. ඉවසිලිමත්; දරා ගත හැකි; ඔරොත්තු දෙන.
3. වි. සුදුසු; යෝග්‍ය; නිසි.
ක්ෂමතාව
(පාරිභා.) නා. කාර්යයක් කිරීම සඳහා යොදවනු ලබන ආම්පන්නයකින් කාල ඒකකයක දී කරනු ලබන කාර්ය ප්‍රමාණය; කාර්යයක් කිරීමේ ශීඝ්‍රතාව; බලය.
ක්ෂමාදානය
නා. වරදකට සමාව දීම; දඬුවමකින් නිදහස් කිරීම.
ක්ෂමාපර
වි. සමාව දෙන ස්වභාවය ඇති; ඉවසනසුලු.
ක්ෂමාව
1. නා. කරන ලද වරදට දෙන දඬුවමින් නිදහස් කිරීම; වරද නොතකා හැරීම; සමාව.
2. නා. විඳ දරා ගැනීම; ක්ෂාන්තිය; නොකිපීම.
ක්ෂය
1. නා.ප්‍ර. අඩු වීම; හීන වීම; ගෙවී යෑම; ඌන වීම; නැති වී යෑම.
2. නා.ප්‍ර. ක්ලේශ ධර්මයත් භවයත් නැති කිරීම; අර්හත් ඵලයට පැමිණීම.
3. නා.ප්‍ර. ක්ෂය රෝගය.
4. නා.ප්‍ර. සොළොස් වැදෑරුම් ගෘහ අතුරෙන් සියල්ල හානි කරන, අශුභ ඵල දෙන ගෘහ වර්ගය.
5. නා.ප්‍ර. මුදලක මූල්‍යමය අගය හීන වීම.
ක්ෂය අනුපාතිකය
(පාරිභා.) නා. වත්කමක ක්ෂය වීමේ අගයත් මුළු වත්කමේ අගයත් අතර ඇති අනුපාතිකය; ක්ෂය ප්‍රමාණය.
ක්ෂය කාලය
(පාරිභා.) නා. විකිරණශීලී රසායන ද්‍රව්‍යයක් මුල දී තිබුණු ප්‍රමාණයේ සිට කිසියම් දක්වන ලද ප්‍රමාණයක් දක්වා අඩු වීමට ගත වන කාලය.
ක්ෂය ප්‍රතිභාගය
(පාරිභා.) නා. යම්කිසි භාණ්ඩයක් පරිහරණය කිරීමේ දී ඇති වන අඩු වීම හෝ ගෙවීයෑම වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය.
ක්ෂය ප්‍රමාණය
(පාරිභා.) නා. වත්කමක හෝ භාණ්ඩයක අගය අඩු වීමේ වාර්ෂික ප්‍රමාණය.
ක්ෂයඥාන
නා.ප්‍ර. කෙලෙසුන් නැසීම පිළිබඳ නුවණ; ආර්යමාර්ග ඥානය.
ක්ෂයනිරෝධය
නා. සංස්කාර නැති වීම් සංඛ්‍යාත නිරෝධය.
ක්ෂයරෝගය
නා. පෙණහලු ක්ෂය වී ක්‍රමයෙන් ශරීරය කෘශ වීම ලක්ෂණ කොට ඇති කාස රෝගය; යක්ෂ්මාව.
ක්ෂර
නා.ප්‍ර. විනාශ වන ස්වභාවයෙන් යුත් දෙය; නැසෙන සුලු දෙය.