සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 443
ක්ෂරණය
1. නා. වැගිරීම; ආසවනය.
2. නා. (පස) සේදී යෑම; ඇතුළට කාන්දු වීම; වෑස්සීම.
3. නා. රසායනික ක්‍රියාවලියක් නිසා ගෙවී යෑම.
ක්ෂවථු
1. නා.ප්‍ර. කිඹුහුම් යාම ලක්ෂණ කොට ඇති නාසිකා රෝගයක්.
2. නා.ප්‍ර. වම්බටු.
ක්ෂාත්ර
වි. ක්ෂත්රිය වංශයට අයත්; රාජවංශික.
ක්ෂාත්රවිද්යා වාදය
නා. අභිමතාර්ථ සිද්ධ කර ගැනීම සඳහා මව්පියන් මැරීම වුව ද නිවැරදි බව උගන්වන මත වාදය.
ක්ෂාන්ති පාරමිතාව
නා. සිය ජීවිතය තොර කරන්නවුන් කෙරෙහි වුව ක්ෂාන්තිය දැක්වීමේ බෝධිසත්ව පාරමිතාව.
ක්ෂාන්ති පුරය
නා. නිවන් පුර; නිර්වාණය නමැති නගරය; මොක්පුර.
ක්ෂාන්තිය
1. නා. තමන්ට වන පීඩාව කෝපයෙන් තොරව ඉවසීම; ක්ෂමාව; අධිවාසනය.
2. නා. නිවන; නිර්වාණය.
ක්ෂාන්තිවාදී
වි. ක්ෂාන්ති ධර්මය පුරුදු කරන; ක්ෂාන්ති ධර්මය උගන්වන.
ක්ෂාර
වි. කාරම්ගති ඇති; සැර; කටුක.
1. නා.ප්‍ර. කාරම් ගති ඇති කටුක ලවණමය ද්‍රව්‍යයක්; කාරම.
2. (පාරිභා.) නා.ප්‍ර. මූල්යද්රව්ය ගණයක්; ජලයේ දියවෙන හයිඩ්රොක්සයිඩ්.
3. නා.ප්‍ර. පුස්කාරාදි ලුණු.
4. නා.ප්‍ර. අළු.
ක්ෂාරලෝහ
(පාරිභා.) නා.ප්‍ර. කාරම් ගුණය ඇති ලිතියම්, සෝඩියම් ආදි ලෝහ වර්ග.
ක්ෂාරාභය
(පාරිභා.) නා. පැළෑටියක පවත්නා ස්වාභාවික කාබනික භස්ම; ඇල්කලොයිඩ (=alkaloid.)
ක්ෂාරී
(පාරිභා.) වි. කාවැද ගොස් විනාශ කරන; විඛාදක; ක්ෂාදක.
ක්ෂාරීය
(පාරිභා.) වි. කාරම්වලට අයත් හෝ කාරම් ගතිය ඇති (=alkaline).
ක්ෂාරෝදකය
1. නා. ක්ෂාර ගුණය ඇති ගස්වල මුල්, කොළ, පොතු, ගෙඩි ආදිය ගෙන නියමිත පදමට තම්බා පෙරා ගනු ලබන (ඖෂධීය) ජලය; කාරම් දියරය; ලවණ මිශ්‍රිත වතුර.
2. නා. ලෝකාන්තරික නරකාදිය ආදියේ ඇතැයි සඳහන් වන ලෝදිය.
ක්ෂාලකය
(පාරිභා.) නා. පිරිසිදු කිරීම සඳහා භාවිත කැරෙන සේදීමේ ද්‍රව්‍යය; ශෝධකය.
ක්ෂාලනය
නා. දියෙන් සේදීම; ශෝධනය.
ක්ෂිතිජය
නා. අහසත් පොළොවත් එක්වන්නාක් මෙන් ඈතින් පෙනෙන ඉසවුව; අහසත් මුහුදත් එකිනෙක වෙන් කරන්නාක් මෙන් ඈතින් පෙනෙන රේඛාව (=horizon).
ක්ෂිතිජ්ය
(පාරිභා.) වි. ක්ෂිතිජයට සමාන්තර තිරස් ව පිහිටි; තිරස්.
ක්ෂිතිධර
නා.ප්‍ර. පර්වතය; ගිර.
ක්ෂිතිපති
නා.ප්‍ර. පෘථිවියට අධිපතියා; රජ; මිහිපති; භූපාල.
ක්ෂිතිය
1. නා. පොළොව; පෘථිවිය; පොළෝ තලය.
2. (පාරිභා.) නා. විදුලිය ආදියේ විභවය හෝ විභවත්වය; විද්‍යුත් පීඩනය.
3. නා. ගෙය; ගෘහය.
4. නා. විනාශය; ක්ෂය.
5. නා. ගෝරෝචන; ගොරොද.
6. නා. දෙට නැකත.
ක්ෂිප්ත
1. වි. බහාලූ; දැමූ; දමා ගැසූ; දුන්නෙන් විදින ලද.
2. වි. අවඥා කරන ලද.
නා.ප්‍ර. බාහිර අරමුණු කරා යොමුව අස්ථිරව පවත්නා සිත.
ක්ෂිප්ර
වි. වහා සිදු වන; ශීඝ්‍ර; තීක්ෂණ; තියුණු; වේගවත්.
ක්ෂිප්රමර්මය
නා. අත්පාවල මහපටැඟිල්ල සහ ඊළඟ ඇඟිල්ල අතර ඇඟිලිකරුවට දෑඟුලක් ඉහළින් පිහිටි නිලය හෙවත් මර්මය.