අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 80
කල්ය
වි. යහපත්; නිරෝගී වූ (පා. සං. කල්ය)
කල්‍යාණ
වි. ප්‍රිය; මනාප (පා. සං. කල්‍යාණ)
කලා
නා.ප්‍ර. කොටස; භාගය/ ශිල්ප ශාස්ත්‍ර; භාෂා ශාස්ත්‍ර (පා. සං. කලා)
කලාගාරය
නා. කලාවස්තු ප්‍රදර්ශනයට තබා ඇති ස්ථානය (සං. කලාගාර)
කලාත
නා. කමතෙහි වට අයින/ අයින; අද්දර
කලාතුර
නා. දීර්ඝ කාලය (සං. කාලාන්තර)
කලාඳුරු
නා.ප්‍ර. ඖෂධීය තෘණ විශේෂයක නාමය
කලාපය
නා. සමූහය; කාණ්ඩය (පා. සං. කලාප)
කලාභවන
නා.ප්‍ර. චිත්‍ර, කැටයම්, මූර්ති ආදි කලාත්මක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා රැස්කොට තබා ඇති එනම් මන්දිරය
කලාමැදිරියා
නා. ශරීරයේ අධෝභාගයෙන් ආලෝකය නිකුත් කරන කෘමියකුගේ නාමය; කණමැදිරියා
කලාශිල්ප
නා.ප්‍ර. කලාවන් හා ශිල්ප
කලාසූරී
නා.ප්‍ර. ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණයා (පා. කලාසූරී)
කලි
නි. (අවධාරණය, පද පූරණය පිණිස යෙදෙන) වනාහි; නම් (පා. සං. ඛලු)
කලිකලහය
නා. අඬදබරය
කලිකාව
නා. මල් කැකුළ (සං. ඛලිකා)
කලිඟ
නා.ප්‍ර. දඹදිව පිහිටි විශාල ප්‍රදේශයක නාමය
කලියුගය
නා. මහා යුගයක් බෙදනු ලබන යුග හතරෙන් හතරවැන්න (සං. කලියුග)
කලු
නා. මනෝඥ/ ස්වාමිපුරුෂයා (සං. කල්ය)
කලුකුමා
නා. කුකුළු වර්ගයට අයත් විශාල පක්ෂියකුගේ නාමය (ල. kalkoen)
කලුරිය කරනවා
ක්‍රි. මරණයට පත්වෙනවා; මියයනවා
කලේබරය
නා.ප්‍ර. ශරීරය; මෘත ශරීරය (පා. කලෙබර, කළෙබර)
කවන්ධය
නා. හිස සුන් මළකඳ (පා. සං. කවන්ධ)
කවළම්
නා.ප්‍ර. කළවම්
කව්මිණිකොඬොල
නා. සිංහල කාව්‍ය ග්‍රන්ථයක නාමය