අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 79

කලකෝලාහල

නා.ප්‍ර. අඬදබර; කලබල

කලඞ්කය

නා. දෝෂය; කිලුට/ පුෂ්පයක ග්‍රන්ථික පීටිකාවලින් හෙවත් බූවෙන් වැසුණු කීලයේ අග්‍රස්ථ කොටස හෙවත් අවයවය (පා. සං. කලඞ්ක)

කලටිය

නා. සෑහෙන තරම් නොපැසුණු පොල් ගෙඩිය

කලණ

වි. යහපත්; ශෝභන (සං. කල්‍යාණ)

කලතනවා

ක්‍රි. මිශ්‍ර කරනවා; කළවම් කරනවා (දෙ. கலத்தல்)

කලත්‍රයා

නා. ස්වාමිපුරුෂයා හෝ බිරිඳ (සං. කලත්‍ර)

කලදෝ

නා.ප්‍ර. රිදී; රජත (සං. කලධෞත)

කලනය

නා. ප්‍රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව; බීජංකුරය; කලල/ ලපය; කැලල (සං. කලන)

කලබ

නා. පොකුර; මිටිය; සමූහය/ කලාපය (පා. සං. කලාප)

කලබැගෑනිය

නා. නොසන්සුන්කම; ව්‍යාකූල බව

කලම්පය

නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවිකිරීමට යොදන උපකරණය; අල්ලුව (ල. klamp)

කලම්බය

නා. ඉක්මන/ අවුල

කලඹනවා

ක්‍රි. කලතනවා; කලබල කරනවා; කම්පා කරනවා

කලරැව්

නා.ප්‍ර. සිත් අලවන ශබ්දය (සං. කලරව)

කලල

නා.ප්‍ර. බීජාංකුරය/ භ්‍රෑණය/ මඩ; පංකය (පා. සං. කලල)

කලවම

නා. කළවම

කලවැද්දා

නා. ක්ෂීරපායී සිවුපාවකුගේ නාමය

කලවිට

නා. ගොයම් කොළ මැඬීම සඳහා සකස් කළ බිම; කමත

කලස

නා. කුඩා කළය; පුන්කලස (පා. කලස)

කලහය

නා. දබරය; අරගලය (පා. සං. කලහ)

කල්දේරම

නා. ලොකු ලෝහමය භාජනය (පුර්. caldeirao)

කල්පද්‍රැමය

නා. දෙව්ලොව ඇතැයි විශ්වාස කරන සිතූ පැතූ සම්පත් දෙන වෘක්ෂය; කප්රුක (සං. කල්පද්‍රැම)

කල්පනාව

නා. අදහස; මතය (සං. කල්පනා)

කල්ලිය

නා. කණ්ඩායම