අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 78
කර්ණරසායන
වි. කන් පිනවන; කන්කලු
කර්ණවේධන මංගල්‍යය
නා. කන් විදින මංගල්ලය
කර්ණශංඛය
නා. ඇතුළු කනේ කේතුවක හැඩය ගත් චීවරය
කර්ණාට
නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රාන්තයක නාමය (සං. කර්ණාට)
කර්ණාමෘත
නා.ප්‍ර. කනට අමෘතයක් වැනි දෙය (සං. කර්ණාමෘත)
කර්ණිකාව
නා. බාහිර කර්ණය; කන්පෙත්ත/ හෘත්කර්ණිකාව/ කැණිමඬල/ නෙළුම් මලේ කෙමිය/ මුදුන/ මලක බීජ කෝෂය (සං. කර්ණිකා)
කර්තව්‍යය
නා. කළ යුතු දෙය; කාර්යය (සං. කර්තව්‍ය)
කර්තෘ
නා.ප්‍ර. ක්‍රියාවක් කරන්නා; පොත්පත් ලියන තැනැත්තා (සං. කර්තෘ)
කර්තෘනාම සන්දර්ශනය
නා. පොත පතක හෝ සඟරාවක හෝ එය කළ කර්තෘගේ නාමය හෝ තොරතුරු හෝ දක්වන පාඨය
කර්දම
නා.ප්‍ර. මඩ; කලල; අපවිත්‍ර දෙය/ සුගන්ධ ද්‍රව්‍ය ආදිය මිශ්‍ර කොට සාදනු ලබන කල්කය (සං. කර්දම)
කර්මණ්ය
වි. ක්‍රියාවට සුදුසු; වැඩට යෝග්‍ය; කාර්යක්ෂම (සං. කර්මණ්ය)
කර්මස්ථාන
නා.ප්‍ර. සමථ, විදර්ශනා භාවනාවන්හි දී සිත පිහිටුවන අරමුණු කමටහන් (පා. කම්මට්ඨාන සං. කර්මස්ථාන)
කර්මාන්ත ශාලාව
නා. කර්මාන්ත කටයුතු සඳහා යොදනු ලබන ගොඩනැගිල්ල
කර්ෂණය
නා. ඇදීම; ළඟට ඇද ගැනීම (සං. කර්ෂණ)
කර්ෂය
නා. සී සෑම; ගොවිතැන; කෘෂි කර්මාන්තය/ පුරාණයේ පැවති බර මැනීමේ ඒකකයක්/ පැරණි කාසි විශේෂයක් (සං. කර්ෂ)
කරුණ
නා. කාරණාව (පා. සං. කාරණ)
කරුණ කටුක
වි. කනට අමිහිරි වූ (සං. කර්ණකටුක)
කරුණ රසය
නා. කාව්‍ය නාටකාදියෙහි ශෝකය නම් මනෝභාවය නිසා සහෘදයකුගේ හෙවත් රසිකයකුගේ සිතෙහි පහළ වන අලෞකික චමත්කාරජනක වින්දනය (සං. කරුණරස)
කරුණාව
නා. අනුන්ගේ දුකෙහි දී සිත කම්පාවන ස්වභාවය (පා. සං. කරුණා)
කරුවළ
නා. කළුවර; අඳුර; අන්ධකාරය
කල
1. නා. කාලය (පා. සං. කාල) 2. කාන්තාව (පා. කල්ල, කල්ය සං. කල්ය) 3. කමත (පා. සං. ඛල)
කල එළිය
නා. උගත් නැටුම් ආදිය පළමුවන වරට ප්‍රසිද්ධියේ රඟපෑම/ සුදුසු කාලය/ එළිමහන/ අලංකාරය; විභූතිය
කලකලය
නා. කැලඹීම් සහිත ඝෝෂාව/ මොනරුන්ගේ හඬ
කලකිරෙනවා
ක්‍රි. උකටලී වෙනවා