කර්ණිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කනෙහි බාහිර කොටස; කන්පෙත්ත.
2. නා. කවාකාර හෝ අර්ධකවාකාර වහලයක පරාලවල මුදුන් කෙළවරවල් සම්බන්ධ වන ස්ථානය; කැණිමඬල.
3. නා. මුදුන; කුළ; කූටය.
4. නා. නෙළුම් මලේ කෙමිය; පියුම් ගොටුව.
5.(පාරිභා.) නා. හෘදයවස්තුවේ ඉහළ කාමර දෙකෙන් එකක්; හෘත් කර්ණිකාව (=auricle).
6. (පාරිභා.) නා. පත්‍රයක හෝ අනෙක් අවයවයක හෝ පාදයෙහි තිබෙන කනක් වැනි අවයවය.
7. නා. මලක බීජකෝෂය; ගර්භ කේශරය.
8. නා. කර්ණාභරණය; තෝඩුව.
9. නා. ඇත් සොඬෙහි අග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බාහිර කර්ණය; කන්පෙත්ත/ හෘත්කර්ණිකාව/ කැණිමඬල/ නෙළුම් මලේ කෙමිය/ මුදුන/ මලක බීජ කෝෂය (සං. කර්ණිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. auricle