කාංසාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැකය; සංශය
2. නා. හුදකලා භාවයෙන් හෝ බලාපොරොත්තු කඩ වීමෙන් උපන් මනස්තාපය; සාංකාව.
3. නා. දුක; කනගාටුව; ශෝකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සැකය; විමතිය/ මනස්තාපය (සං. කාඞ්ක්‍ෂා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. angst
2. n. anxiety
3. n. disappointment
4. n. dispair