අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 87
කාලීන
වි. නියමිත කාලයට අයත්; කාලයට ඔබින (සං. කාලීන)
කාලුෂ්‍යය
නා. කිලුටු බව; අපවිත්‍ර බව (සං. කාලුෂ්‍ය)
කාලෝචිත
වි. කාලයට ගැළපෙන
කාවල
නා. මුර කිරීම; ආරක්ෂා කිරීම (දෙ. காவல்)
කාව්‍යකරණය
නා. කවි තැනීම; කාව්‍ය නිර්මාණය
කාව්‍යය
නා. රසභාවාන්විත රචනය; කවිය (සං. කාව්‍ය)
කාව්‍යශේඛරය
නා. සිංහල මහා කාව්‍යයක නාමය
කාව්‍යානුභූතිය
නා. කාව්‍ය සඳහා මුල් වූ අත්දැකීම
කාශ්මීර
නා.ප්‍ර. ඉන්දු පාකිස්ථාන් උපමහාද්වීපයේ උතුරුදිග පිහිටි ප්‍රදේශයක නාමය (සං. කාශ්මීර)
කාශ්‍යප
නා.ප්‍ර. බුදු කෙනකුගේ නාමය/ මහතෙර කෙනකුගේ නාමය (සං. කාශ්‍යප පා. කස්සප)
කාෂ්ට
වි. වියළි (සං. කෂ්ට)
කාෂ්ඨ
නා.ප්‍ර. ලී; දර/ දත් මදින ලී කූර (සං. කාෂ්ඨ පා. කට්ඨ)
කාෂාය
වි. කස්ටින් යුක්ත (සං. කාෂාය)
කාෂාය වස්ත්‍රය
නා. කහ සිවුර
කාසය
නා. කැස්ස, ක්ෂයරෝගය (සං. කාස)
කාසිය
නා. මුදල් සඳහා භාවිත රජයේ මුද්‍රා තැබූ ලෝහ කැබැල්ල (පුර්. caxa)
කාහල
නා.ප්‍ර. හොරණෑව (සං. කාහල)
කාළ
වි. කළු පැහැයෙන් යුත් (පා. සං. කාල පා. කාළ)
කාළකණ්ණි
වි. පින් නැති; පව්කාර (පා. කාලකණ්ණි, කාළකණ්ණි)
කාළගෝලයා
නා. කාළවර්ණ වූ ද මිටි වූ ද තැනැත්තා (පා. ගොළකාළ)
කාළම
නා. පැරණි තූර්ය භාණ්ඩයක නාමය (දෙ. காளம்)
කාළවර්ණ
නා.ප්‍ර. කළු පැහැය (පා. කාළ+වර්ණ සං. කාලවර්ණ)
කාළුදායී
නා.ප්‍ර. අසූ මහා ශ්රාවකයින්ගෙන් කෙනකුගේ නාමය (පා. කාළුදායී)
කැකුණ
නා.ප්‍ර. තෙල් ගන්නා ඵල ඇති වෘක්ෂයක නාමය