අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 88
කැකුළ
නා. පොහොට්ටුව
කැකුළම
නා. වියළි කුඹුරු බිම; මඩ නොකර කොටා සකස් කරන කුඹුර
කැකුළු
වි. රළු; තද; ගොරෝසු (පා. කක්ඛල)
කැටපහණ
නා. කුඩා ගල් කැටය
කැණහිලා
නා. හිවලා; ශෘගාලයා (පා. කාණසිගාල)
කැණිමඬල
නා. කර්ණිකා මණ්ඩලය
කැණීම
නා. සෑරීම
කැදැල්ල
නා. ලේන් කුරුලු ආදීණ්ගේ කූඩුව; පණු ආදීන්ගේ කොපුව හෙවත් කෝෂය
කැන
නා. කරල් මිටිය, පොකුර, සමූහය (පා. කණ්ණිකා)
කැනිති
නා.ප්‍ර. කුඩා කැන
කැඳ
නා.ප්‍ර. බතින් පෙරාගත් දිය; ඖෂධ ආදිය යොදා සහලින් පිසගන්නා පානය (පා. කඤ්ජික, කඤ්ජිය දෙ. கஞசி පුර්. canja)
කැඳ හැළිය
නා. කැඳ සාදන වළඳ/ අවුල් සහගත තත්ත්වයක් පවතින තැන හෝ දෙය
කැඳවනවා
ක්‍රි. අභිමුඛයට පමුණුවනවා
කැබැල්ල
නා. කොටස; කෑල්ල (සං. කපාලික පා. සං. කපාලිකා)
කැබිලි
නා.ප්‍ර. කැබැල්ල; කුඩා කොටස
කැරැල්ල
නා. චෛත්‍යය මත හෝ නිවාස මත හෝ තබන කොත; ථූපිකාව/ ප්රචණ්ඩ ලෙස නැගී සිටීම
කැල
නා. සමූහය; රංචුව
කැලණිය
නා. පූජනීය ස්ථානයක් පිහිටි නගරයක නාමය (පා. කල්‍යාණි)
කැලතෙනවා
ක්‍රි. මිශ්‍රවෙනවා; කලවම් වෙනවා
කැලඹෙනවා
ක්‍රි. කැලතීම ඉබේ සිදුවෙනවා/ කලබලයට පත් වෙනවා
කැලය
නා. වනය
කැලල
නා. ලකුණ/ නින්දාව/ කිලුට (සං. කලඞ්ක)
කැවිලි පෙවිලි
නා.බහු. කෑම බීම; පැණි රසැති කෑම හා බීම
කැසිකිළිය
නා. මුත්‍ර කිරීම සඳහා වූ කුටිය