අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 89

කැළි

නා.ප්‍ර. අපවිත්‍ර දෙය (පා. කාළිකා)

කැළිකසළ

නා.ප්‍ර. අපවිත්‍ර දෙය; කුණු රොඩු

කෑගලු

නා.ප්‍ර. එනම් නගරය

කෑරලා

නා. පක්ෂි විශේෂයක්

කෑලි

නා.බහු. කැබැලි; කොටස්

කිංකිණි

නා.ප්‍ර. කුඩා මිණි ගෙඩිය (පා. සං. කිඞ්කිණි)

කිකිණි

නා. ගිගිරි

කිකිළිය

නා. කුකුළාගේ ගැහැනු සතා (පා. සං. කුක්කුටි)

කිණිස්ස

නා. දිග මිටක් සහිත කුඩා උපකරණය; කෙණෙස්ස (පා. කටච්ඡු)

කිණිහිරය

නා. රත් කළ යකඩ තබා තැලීමට භාවිත කරන විශාල යකඩ කුට්ටිය

කිතුනු

වි. ක්‍රිස්තියානි; ක්‍රිස්තු භක්තික

කිතුල්

නා.ප්‍ර. තාල වර්ගයේ ගසක නාමය

කින්නර

1. නා.ප්‍ර. පැදුරු හා කළාල විවීමේ කුලය 2. කිඳුරා (පා. සං. කින්නර)

කිනිත්ත

නා. කුඩා අත්ත; ඉත්ත

කිනිතුල්ලා

නා. පරපෝෂිත කෘමි විශේෂයක්

කිනිස්ස

නා. මිටක් සහිත දෙපිට කැපෙන පිහියක් වැනි අවිය

කිඳා බසිනවා

ක්‍රි. දිය යට යනවා; ගිලෙනවා

කිඳුරා

නා. කින්නර (පා. සං. කින්නර)

කිමෝනාව

නා. ස්ත්‍රීන් අඳින ඇඳුම් විශේෂයක් (ඉං. kimono)

කිඹුලා

නා. උරග ගණයට අයත් උභයචර සතකුගේ නාමය (පා. සං. කුම්භීල)

කියමන

නා. කියන දෙය; අවවාදය

කියඹු

නා.ප්‍ර. ස්ත්‍රීන්ගේ නළලත වැටෙන සේ සෑදූ කෙස් රොද

කිරණ

නා.ප්‍ර. රශ්මිය; ආලෝකය (පා. සං. කිරණ)

කිරනවා

ක්‍රි. ද්‍රව්‍යයන්ගේ බර මනිනවා