අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 90

කිරල

නා.ප්‍ර. කරදිය ආශ්‍රිත වගුරු බිම්වල වැවෙන තරමක් විශාල ගස් වර්ගයක නාමය

කිරළා

නා.ප්‍ර. කුඩා පක්ෂි විශේෂයක්

කිරිකඩ හේලය

නා. විවාහයක දී මනාලයා විසින් මනාලියගේ මවට තෑගි පිණිස දෙනු ලබන රෙදි කඩ

කිරීටය

නා. ඔටුන්න; කිරුළ (සං. කිරීට)

කිරුළ

නා. ඔටුන්න (පා. සං. කිරීට)

කිලි

1. නා.ප්‍ර. භාජනය (පා. උක්ඛලි) 2. අලසකම 3. කිල්ල

කිලි කුණු

නා.ප්‍ර. අපවිත්‍ර තත්ත්වය

කිලිටි

වි. අපිරිසිදු (පා. කිලිට්ඨ සං. ක්ලිෂ්ට)

කිලිපොළනවා

ක්‍රි. රෝමෝද්ගමනය වෙනවා

කිවුල

නා. කරදිය හා මිරිදිය මිශ්‍ර මඳ ලුණු රසය; අමිහිරි රසය

කිහිල්ල

නා. උරහිස යට බාහුවේ වළක් වැනි කොටස

කිළිය

නා. කුඩා ගෙය; කුටිය (පා. සං. කුටි)

කිළිල්

නා.ප්‍ර. ගසක ගොබය (පා. කළීර)

කීටයා

නා. පණුවා; කෘමියා (පා. සං. කීට)

කීනබල්ලා

නා. දඩයම් බල්ලා

කීර්තනය

නා. කීම; ප්‍රකාශනය/ ගුණ කථනය/ සිහි කිරීම (සං. කීර්තන)

කීර්තිඝෝෂාව

නා. යශෝනාදය; ගුණරාවය; කිතුගොස

කීලය

නා. උල, කටුව (පා. සං. කීල)

කුංචනාදය

නා. අලි ඇතුන්ගේ හඬ (පා. කුඤ්චනාද)

කුක්ෂිය

නා. උදරය; බඩ (සං. කුක්‍ෂි)

කුකුළා

නා. සැවුලා (පා. සං. කුක්කුට)

කුඤ්ඤය

නා. කෙළවරක් උල්කර සකස් කළ කූර; කීලය (පුර්. cunha)

කුටිල

වි. වක් වූ; ඇද/ කපටි (පා. සං. කුටිල)

කුටුම්බ සංරක්ෂණය

නා. භාර්යාවක් සරණ පාවාගෙන පවුල් දිවිය රක්ෂා කිරීම