කැඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බතින් පෙරා ගත් දිය; සහල් තැම්බූ වතුර; හුළුකැන්.
2. නා.ප්‍ර. ධාන්‍ය, ඖෂධීය පැළෑටි, පොරි, පොල්කිරි ආදිය දමා තම්බා සාදා ගන්නා පානය.
3. නා.ප්‍ර. (මැදීමට පෙර) රෙදිවල දළ බව ඇති කිරීම සඳහා යොදන සව්, පිටි ආදියෙන් සාදාගන්නා උකු ද්‍රව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බතින් පෙරාගත් දිය; ඖෂධ ආදිය යොදා සහලින් පිසගන්නා පානය (පා. කඤ්ජික, කඤ්ජිය දෙ. கஞசி පුර්. canja)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. congee
2. n. conjee
3. n. gruel
4. Art. starch