සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 469
කැන
1. නා. කරල් මිටිය; උප්පිඩ.
2. නා. පොකුර; මංජරිය; වල්ල.
3. නා. සමූහය; රංචුව.
4. නා. කැටිය; ගොඩ.
කැනහිරාව
නා. සිතේ නොසතුට; කලකිරීම.
කැන්
1. නා.ප්‍ර. පැහැය; රශ්මිය; ප්‍රභාව.
2. නා.ප්‍ර. කැඳ.
3. නා.ප්‍ර. මෝරු (කිරි).
කැන් බඳිනවා
ක්‍රි. රංචු ගැසෙනවා; රාශිභූත වෙනවා.
කැන්ටිලීවරය
(පාරිභා.) නා. එක් කෙළවරක් සවි කළ අනෙක් කෙළවර නිදැල්ලේ තිබෙන දණ්ඩක් (=cantilever).
කැන්දනවා
ක්‍රි. අභිමුඛයට පමුණුවනවා; කැඳවනවා; අඬගසනවා.
කැන්දන් එනවා
1. ක්‍රි. කැඳවා ගෙන එනවා; පැමිණෙනවා.
2. ක්‍රි. මනාලියක් එක්කර ගෙන මනාලයාගේ ගෙදරට කැඳවා ගෙන එනවා.
කැන්වස්
1. නා.ප්‍ර. හණ නූලින් වියන ලදු ව රුවල්, කූඩාරම් ආදිය තැනීමට ගන්නා සුදු නොකළ ඝන රෙද්ද.
2. නා.ප්‍ර. කතිර මැහුම් වැඩට ගන්නා සිදුරු සහිත රෙදි වර්ගයක නාමය.
කැනැත්ත
නා. මල් හෝ ගෙඩි සහිත ඉත්ත; පොකුර; කිනිත්ත
කැනියම
නා. ගැඹුරු දොරුව හෙවත් කඳුර; කඳුරු නිම්නය; කැන්යොනය.
කැනිවිලි
නා.ප්‍ර. කන්නලව්ව; පෙරැත්තය.
කැඳ
1. නා.ප්‍ර. බතින් පෙරා ගත් දිය; සහල් තැම්බූ වතුර; හුළුකැන්.
2. නා.ප්‍ර. ධාන්‍ය, ඖෂධීය පැළෑටි, පොරි, පොල්කිරි ආදිය දමා තම්බා සාදා ගන්නා පානය.
3. නා.ප්‍ර. (මැදීමට පෙර) රෙදිවල දළ බව ඇති කිරීම සඳහා යොදන සව්, පිටි ආදියෙන් සාදාගන්නා උකු ද්‍රව්‍යය.
කැඳවනවා
ක්‍රි. (කෙනෙකු) තමා වෙතට ගෙන්වනවා; අභිමුඛයට පමුණුවනවා; කැන්දනවා.
කැඳිත්ත
නා. කැඳ ටික; කැඳ ස්වල්පය.
කැප
වි. සුදුසු; යෝග්‍ය; (විනයානුකූල ව පරිභෝගයට) ඔබින; සාරුප්‍ය.
නා.ප්‍ර. සුදුසු දෙය; යෝග්‍ය දේ; විනයානුකූල ව පරිභෝගයට සුදුසු දේ.
කැප කරනවා
1. ක්‍රි. අයිතිය බාර කරනවා; පවරනවා; හිමි කරනවා; පරිත්‍යාග කරනවා.
2. ක්‍රි. (උපසම්පන්න භික්ෂූන්ට) විනයානුකූල ව පිළිගැනීමට යෝග්‍ය කරනවා.
කැපකරුවා
1. නා. භික්ෂූන්ට සුදුසු හා අවශ්‍ය දේ පිළිගන්වන හෝ ඉටුකරන තැනැත්තා; භික්ෂූන්ගේ සේවකයා.
2. නා. කිසිවෙකුගේ ආහාර, ඇඳුම් පැලඳුම් ආදි මූලික අවශ්‍යතා ඉටු කිරීමට වගකීම භාර ගත් තැනැත්තා.
කැප්රික් අම්ලය
(පාරිභා.) නා. බටර්, පොල් තෙල් ආදියෙන් ලබා ගන්නා තෙල් සහිත අම්ලයක් (=capric acid).
කැප්ස්ටනය
(පාරිභා.) නා. නැංගුරමෙහි කඹය නැවත එතීම සඳහා සවි කොට ඇති යන්ත්‍රය (=capstan).
කැප්සියුලය
1. (පාරිභා.) නා. ඖෂධ නියමිත ප්‍රමාණයක් ඇතුළු කරන ලද ජෙලටින් කෝෂය; බෙහෙත් කරල; ගුටිකාව.
2. (පාරිභා.) නා. අණ්ඩප කීපයකින් යුක්ත වූ ද වියැළී පැළෙනසුලු වූ ද ඵලයක්; ස්ඵෝටිකාව.
කැපී පෙනෙනවා
ක්‍රි. මතු වී පෙනෙනවා; ඉස්මතු වී පෙනෙනවා.
කැපෙනවා
1. ක්‍රි. ආයුධයක මුවහත හොඳින් තිබෙනවා.
2. ක්‍රි. (ආයුධයකින් කැපීමේදී) වෙන් වෙනවා; ඡේදනය වෙනවා.
3. ක්‍රි. ගැළපෙනවා; සුදුසු වෙනවා; ඔබිනවා.
4. ක්‍රි. පැත්තකට වෙනවා; නොපිළිගැනීමට ලක් වෙනවා.
කැබැල්ල
නා.ප්‍ර. යමකින් කැඩී වෙන් වී ඇති කොටස; කෑල්ල; ඛණ්ඩය; කඩ; පංගුව.
කැබිනට් ආණ්ඩු ක්‍රමය
නා. ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක්; ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු ප්‍රධානත්වය දරන ඇමති මණ්ඩලයක් විධායකය ලෙස ක්‍රියා කරන රාජ්‍ය පාලන ක්‍රමය.