සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 468
කැටි වැහිවලාකුළ
(පාරිභා.) නා. අඩි 15000කටත් වඩා ඝනකම ඇති දැවන්ත අඳුරු වලාකුළු විශේෂයක්; වැස්ස ඇති කරන වලාකුළ (=cumulonimbus cloud).
කැටිඅයිස්
නා.ප්‍ර. මුහුදේ පාවී යන විශාල අයිස් කුට්ටි සමූහය.
කැටිති
කැටිය
1. නා. කුට්ටිය; කැබැල්ල; ගුළිය; පිඬ.
2. නා. ගොඩ; රාශිය; පොකුර; මිටිය.
3. නා. කණ්ඩායම; සමූහය.
කැඩපත
නා. කැටපත.
කැඩපන්
1. නා.ප්‍ර. කුසපත; සලාකපත.
2. නා.ප්‍ර. හසුන්පත.
කැඩ්මියම්
(පාරිභා.) නා.ප්‍ර. සුදු ලෝහමය මූලද්‍රව්‍යයක් (=cadmium).
කැඩිය
නා. කොටස; ඛණ්ඩය; ඡේදය.
කැඩුම් බිඳුම් වෙදකම
නා. ශරීරයෙහි අත්පා ඇට ආදිය කැඩීම හා බිඳීම පිළිබඳ ව කරන වෛද්‍ය කර්මය; භග්න චිකිත්සාව.
කැඩෙට්
1. නා.ප්‍ර. ආධුනිකයා.
2. නා.ප්‍ර. ශිෂ්‍ය භටයා.
කැණවිලා
නා. හිවලා; ශෘගාලයා.
කැණිමඩල
නා. අර්ධ කවාකාර පියස්සෙහි හෙවත් බොකු වහලෙහි සවි කොට ඇති මැද පිහිටි ලී කඳ; කර්ණිකා මණ්ඩලය.
කැත
1. වි. පිළිකුල් සහගත; නොහොබිනා; අමනෝඥ; අශෝභන.
2. වි. ක්ෂත්රිය; ක්ෂත්රිය වංශයට අයත්; රාජවංශික.
1. නා.ප්‍ර. පිළිකුල් ගතිය; අප්‍රිය භාවය; නොකැමති බව.
2. නා.ප්‍ර. අපිරිසිදු දෙය; කැළි කසළ; අශුචි.
කැත්
1. නා.ප්‍ර. ඉවසීම; ක්ෂාන්තිය.
2. නා.ප්‍ර. ක්ෂත්රිය කුලයට අයත් තැනැත්තා.
3. නා.ප්‍ර. රජ.
කැත් කුලය
නා. ක්ෂත්රිය වංශය; රාජ වංශය.
කැතාර්සිස්
නා.ප්‍ර. වෙහෙස, දැඩි ආවේග වැනි මානසික අසහන දුරු කිරීම සඳහා නාට්‍ය, සංගීතාදි කලා රස විඳීම ඇතුළත් ප්‍රතිකාර ක්‍රමය.
කැති
වි. ක්ෂත්රිය කුලයට අයත්.
1. නා.ප්‍ර. නැකතක්.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. පුර පසළොස්වක තිථිය සමඟ කැති නැකත යෙදෙන චන්ද්‍ර මාස ක්රමයෙහි මාසයක නාමය; ඉල්මස.
3. නා.ප්‍ර. ආයුධ විශේෂයක නාමය.
4. නා.ප්‍ර. වෙසඟන; වර්ණදාසිය.
5. නා.ප්‍ර. මල් පොකුර.
කැතිටොමීටරය
(පාරිභා.) නා. සෙන්ටිමීටර කීපයකට නොවැඩි උසක් මැනීම සඳහා ගන්නා ක්‍රමාංකිත සිරස් කුලුනක ඉහළ පහළ යා හැකි දුරේක්ෂයක් (=cathetometer).
කැතිඩ්‍රල්
නා.ප්‍ර. අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ ආසනය ඇති දෙව්මැදුර; ආසන දෙව්මැදුර.
කැතිබෙරය
නා. කැති තලය මිටට සවි කරන ලෝහමය කොපුව හෙවත් විල්ල.
කැතිරි
1. නා.ප්‍ර. පැරණි නිලධාරියකුගේ නාමය; දොරටුපාලයා.
2. නා.ප්‍ර. හණ වර්ගයක්; නියඳ.
කැතීටරය
(පාරිභා.) නා. මූත්‍රාශයෙන් මුත්‍ර ඉවත් කිරීමට භාවිත කරන නළයක් සහිත උපකරණයක් (=catheter).
කැතෝඩය
(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේද කෝෂයකින් වායු විසර්ජන නළයකින් හෝ තමයන කපාටයකින් හෝ විද්‍යුත්ධාරාව පිටතට යන අග්‍රය; ඍණ ඉලෙක්ට්‍රෝඩය (=cathode).
කැදැල්ල
1. නා. කුරුලු, ලේන් ආදීන්ගේ කූඩුව; කුරුලුගේ.
2. නා. එකට කැටි වූ සමූහය; රොත්ත.