සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 467
කැකුළා
1. නා. කොලු ගැටයා; පිරිමි ළමයා.
2. නා. නොදැමුණු තැනැත්තා; චණ්ඩි පුද්ගලයා.
කැකුළු විය
නා. ළදරු වයස; ළපටි විය.
කැකුළුදත්
නා.ප්‍ර. මල් පොහොට්ටු වැනි දත්; කුඩා ළමයින්ගේ දත්.
කැකුළුවචන
නා.ප්‍ර. කර්කශ වචන; පරුෂ වචන; රළුබස්.
කැකුළුසහල්
නා.ප්‍ර. නොතැම්බූ වී කොටා ලබාගන්නා සහල්; කැකුළට කොටා ගත් හාල්.
කැට
1. නා. ලී; දැව.
2. ප්‍ර.යෙදේ කෑල්ල; කැබැල්ල; පිඩ.
3. ප්‍ර.යෙදේ දුර ප්‍රමාණයක්; මධ්‍යම බල ඇති පුරුෂයකු ගල්කැටයක් ගැසූ විට එය වැටෙන දුර ප්‍රමාණය.
කැට කණුව
නා. කඩඉමේ සිටු වන ලීය; මායිම් කණුව.
කැට ගහනවා
1. (කථා.) ක්‍රි. වගාවකට බිම සැකසීමේදී පස් හෝ මඩ කුට්ටි පොඩි කර සමතලා කරනවා; කැට පාගනවා.
2. ක්‍රි. දාදු කැට ක්‍රීඩාවේ යෙදෙනවා.
කැටකැබිලිති
නා.ප්‍ර. ගල්කැට හා කුඩා වළං කැබලි.
කැටතල
නා.ප්‍ර. කන්නාඩිය; කැඩපත; දර්පණ තලය.
කැටපත
1. නා. කන්නාඩිය; දර්පණ තලය; කැඩපත.
2. නා. ලියුම; සන්දේශය.
කැටපත් පවුර
නා. සීගිරි පර්වත ඇළයෙහි පවතින ඔපවත් ප්‍රාකාරය.
කැටපහණ
නා.ප්‍ර. ගල්කැට; කුඩා ගල්.
කැටපෝරුව
1. නා. කමතේ වී එකතු කිරීමට යොදා ගන්නා ගොවිලෑල්ල.
2. නා. කුඹුරුවල කුරුල්ලන් එලවීම සඳහා උණ බටයක් පළා සකස් කරගත් ලී ටකය; ටක පෝරුව.
කැටපෝලය
නා. ලී කරුවකට රබර් පටි යොදා සකස් කළ ගල් ආදිය විදීම සඳහා ගැනෙන උපකරණයක්.
කැටය
1. නා. කුඩාගල; ගල්කැටය.
2. නා. කැට ගැසීම වැනි ක්‍රීඩා සඳහා ගැනෙන කුඩා හතරැස් ලී කෑල්ල.
3. නා. මුදල් එකතු කිරීම සඳහා ලී මැටි ආදියෙන් සාදන ලද භාජන විශේෂය.
4. නා. පොල් කටුවෙන් හෝ ලබු ගෙඩි කටුවෙන් සාදා ගැනෙන භාජනය.
5. නා. සේරුවෙන් හතරෙන් පංගුව; හුණ්ඩුව.
කැටයම්
නා.ප්‍ර. ලී, ගල්, ලෝහ, ආදියෙහි කැපීමෙන් ලියවීමෙන් හෝ කෙටීමෙන් කරන විසිතුරු කර්මාන්ත.
කැටවක
නා. නඟුලේ කොටසක්; නඟුල් කඳ; වක් අත්ත.
කැටවරුව
නා. වී හුළං කිරීමේදී වෙන් වන වැලි කැට සහිත වී කොටස.
කැටවැලි
නා.ප්‍ර. (කමත්.) වැලි මිශ්‍ර වී හෝ වෙනත් ධාන්‍ය වර්ග.
කැටා උෂ්ණත්වමානය
(පාරිභා.) නා. කිසියම් ස්ථානයක වායුගෝලයේ ශීත ප්‍රමාණය මනින උපකරණය (=cata thermometer).
කැටායනය
(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේද්‍යයක ධන ආරෝපණයක් තිබෙන අයනය; කැතෝඩය කරා ගමන් කරන අයනය (=cation, kation).
කැටැත්ත
නා. සී සෑම.
කැටි ගැසෙනවා
ක්‍රි. තරලයක් ඝන වී කුඩා පිඬු බවට පත්වෙනවා.