සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 466
කාෂාය වස්ත්‍රය
නා. කහට පොවන ලද වස්ත්‍රය; කසාවත.
කාසය
1. නා. ශරීරය කෘෂ කරවන රෝගය; ක්ෂය රෝගය.
2. නා. ඇඳුමක බොත්තම් රුවාලන සිදුර.
කාසාවකණ්ඨකයා
නා. කහ නූල්පටක් අතෙහි හෝ බෙල්ලෙහි හෝ හිසෙහි හෝ බැඳගෙන සිටින දුශ්ශීල පැවිද්දා.
කාසිනෝමාව
(පාරිභා.) නා. ශරීරයේ පටක තුළ විප්රකෘති ශෛල ඇති වී ඒවා අක්‍රමවත් ලෙස හා අසීමිත ලෙස ගුණනය වීමෙන් හට ගන්නා ආබාධයක්; කුලීරමාව (=carcinoma).
කාසිපණම්
නා.ප්‍ර. මිල මුදල්; මුදල් හදල්.
කාසිපාලක
නා.ප්‍ර. බැංකු කඩසාප්පු ආදියේ මුදල් භාර ව සිටින තැනැත්තා; මුදල් භාරකාරයා (=cashier).
කාසිය
නා. මුදල් වශයෙන් භාවිත කරන නියමිත අගයකින් යුතු ව හා මුද්‍රාවන් සහිත ව බලධාරි ආයතනයක් විසින් නිකුත් කළ ලෝහ කැබැල්ල.
කාහල
නා.ප්‍ර. වාද්‍ය භාණ්ඩයක නාමය; කාළම; හොරණෑව.
කාළ
වි. කළු; කළු පැහැයෙන් යුත්; අඳුරු.
1. නා.ප්‍ර. කළු පැහැය.
2. නා.ප්‍ර. යකඩ.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. නැකතක නාමය; බෙරණ.
කාළංචිය
1. නා. පඩික්කම; කෙළ බඳුන .
2. නා. තැටිය; බන්දේසිය; ඉලත්තට්ටුව.
කාළක
1. නා.ප්‍ර. ලේනා; කලන්දකයා.
2. නා.ප්‍ර. කළු පැල්ලම; කළු ලපය.
වි. කළු; කළුවන්.
කාළපක්ඛ
නා.ප්‍ර. පුරපසළොස්වකින් පසු චන්ද්‍රයා කෙමෙන් ගෙවී යන දින පසළොස; කළුවර පක්ෂය; අවපක්ෂය; කාල පක්ෂය.
කාළම
1. නා. පැරණි තූර්ය භාණ්ඩයක නාමය; කාහලය; හොරණෑව.
2. නා. සතුරන්ට වින කරනු පිණිස මතුරා පිඹින මන්ත්‍රයක්.
කාළසිලා
නා.ප්‍ර. කළුගල්.
කාළහිලා
නා.ප්‍ර. උපන් ලපය.
කාළායස
නා. කළු යකඩ; යකඩ.
කාළාවක
නා.ප්‍ර. මිනිසුන් දස දෙනෙකුට සමාන ශක්තියක් ඇති ඇතුන් විශේෂයක නාමය.
කැක්කුම
1. නා. රිදීම; වේදනාව; රුජාව; පීඩාව.
2. නා. සිතෙහි ඇති වන ආවේගය; කම්පනය.
3. නා. කලබලගතිය; දැඟලිල්ල; නොසන්සුන්තාව.
කැකෑරුම් නළය
(පාරිභා.) නා. රසායනික ද්‍රව රත් කර ගන්නා වීදුරු බටය.
කැකිරි
වි. කර්කශ වූ; රළු; ක්‍රෑර.
1. නා.ප්‍ර. කෑමට ගන්නා ගෙඩි සෑදෙන වැල් වර්ගයක්.
2. නා.ප්‍ර. රළුබව.
කැකුණ පන්දම
නා. කැකුණ තෙල් පොඟවා සකස් කරනු ලබන පන්දම.
කැකුළ
1. නා. පිපීමට ආසන්න මල; පොහොට්ටුව; පුෂ්පාංකුරය.
2. නා. තලියක පතුලෙන් උඩට නෙරා සිටින සේ තනා ඇති පොහොට්ටුවක් වැනි කුඩුම්බිය.
3. නා. තදබව; රළුබව.
කැකුළට කොටනවා
ක්‍රි. නොතම්බා අමුවෙන් වී කොටනවා.
කැකුළම් පදම
නා. කුඹුරුවල, පැළ නොකළ හෝ පොඟවා නැති වී වැපිරීමට යෝග්‍ය කාලය.