සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 465
කාව්‍යකරණය
1. නා. ගද්‍යමය හෝ පද්‍යමය හෝ රසභාවාන්විත නිබන්ධ කිරීම.
2. නා. කාව්‍ය නිර්මාණය කිරීම.
කාව්යප්රතිභාන
නා.ප්‍ර. කාව්‍ය විෂයෙහි අපූර්ව වස්තු නිර්මාණය කිරීමෙහි සමත් නුවණ; නිර්මාණාත්මක ප්‍රඥාව.
කාව්‍යමුඛය
නා. කාව්‍ය ග්‍රන්ථයක ආරම්භය.
කාව්‍යය
නා. කව.
කාව්යාලඞ්කාර
නා.ප්‍ර. කාව්‍යය හොබවන හෙවත් සරසන උපමා, රූපක, අනුප්රාස ආදි විශේෂ අර්ථ ශබ්ද යෙදුම්.
කාව්යෝපසංහාරය
නා. කාව්‍යයක් හෝ නිබන්ධයක් කැටි කොට දැක්වීම; කාව්‍යයක අවසානය සංක්ෂිප්තයෙන් දැක්වීම.
කාවාඩම
(පාරිභා.) නා.ප්‍ර. වැඩෙහි යෙදී සිටින විට ඇඳුම් පරිස්සම් කිරීම සඳහා හැඳ ගන්නා උඩ වැස්ම; පිළිවැස්ම (=apron/overall).
කාවැටෙනවා
1. ක්‍රි. භුක්ති විඳිමින් ජීවත් වෙනවා.
2. ක්‍රි. පොරකනවා.
කාවියම්
(කථා.) නා.ප්‍ර. කාව්‍ය ප්‍රබන්ධ.
කාවිසිමුනි
නා.ප්‍ර. කය, වචනය, මනස යන ද්වාර තුන.
කාවුරුව
(කථා.) නා. කා ඉතිරි වූ බත; ඉඳුල් ආහාරය.
කාවුල
(කථා.) නා. සිදුර; හිල; කපොල්ල.
කාෂ්ට
වි. වියළි; රූක්ෂ.
1. නා.ප්‍ර. ලී; දර; දැවදඬු.
2. නා.ප්‍ර. දත් මදින දැහැටි කූර.
කාෂ්ඨ කර්මය
නා. ලීයෙන් කරවන වැඩ; වඩු කර්මාන්තය; ලී කලාව.
කාෂ්ඨ ඵලය
(පාරිභා.) නා. පිටකටුව සහිත ගෙඩිය (=nut).
කාෂ්ඨ මථනය
නා. වියළි ලී දඬු (දෙකක්) එකට ඇතිල්ලීම.
කාෂ්ඨ රචනාව
නා. දරසෑය; චිතකය.
කාෂ්ඨ ශිල්පය
නා. ලී කැටයම් කලාව.
කාෂ්ඨතන්තු
(පාරිභා.) නා.ප්‍ර. ලීයක ඇති තන්තුමය පටක (=wood fibre).
කාෂ්ඨරූප
නා.ප්‍ර. ලීයෙන් කළ රූපය; දඬුරුව.
කාෂ්ඨවාහන
නා.ප්‍ර. දඬුවෙන් තැනූ වාහනය.
කාෂ්ඨාග්නි
කාෂ්ඨාභිඝාතය
කාෂාය
වි. කසටින් යුක්ත; කහට පොවන ලද.