සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 464
කාලාභ්රය
නා. කළුවලාව.
කාලාර්ථය
1. නා. කාලය දක්වන අර්ථය.
2. නා. අසම්භාව්‍ය ක්‍රියාව යෙදෙන එක් අර්ථයක්.
කාලාරෝචනය
[කාල + ආරෝචනය]
නා. කල් දක්වා සිටීම; සුදුසු කාලය එළඹ ඇති බව ප්‍රකාශ කිරීම.
කාලාවරෝධය
[කාල + අවරෝධය]
(පාරිභා.) නා. බොහෝ කාලයක් නොකඩවා භුක්ති විඳීමෙන් දේපළ අයත් කර ගැනීම; දේපළ භුක්තියට සවි වීම.
කාලික
වි. කාලයට අයත් වූ; කාලය හා සම්බන්ධ වූ.
නා.ප්‍ර. (විනය.) භික්ෂුන් ඒ ඒ කාලයෙහි දී වැළඳිය යුතු ආහාරපාන ආදිය.
කාලීන
වි. නියමිත කාලයකට අයත්; කාලයකට සීමා වූ; කාලයකට සුදුසු වූ.
කාලුෂ්‍යය
නා. කිලුටු බව; අපවිත්‍රතාව; සිතෙහි කිලුට හෝ අපිරිසිදු බව.
කාලුෂ්යාපගමනය
[කාලුෂ්‍ය + අපගමනය]
නා. කිලුටුබව ඉවත්වීම; පිරිසිදු වීම; සිතෙහි කෙලෙස්මල නැතිවීම.
කාලෝචිත
කාවටය
නා. කපුටු රංචුව; කාක සමූහය.
කාවඩනවා
ක්‍රි. ශාරීරික ඉන්ද්රිය සංවර කරනවා.
කාවඩි
1. නා.ප්‍ර. විශේෂයෙන් කතරගම දෙවියන් පිදීම සඳහා නැට්ටුවන් කර මත තබා ගෙන නටන අලංකාර ආරුක්කුව.
2. නා.ප්‍ර. කාවඩි කරේ තබා ගෙන නටන නැටුම.
කාවණුව
1. නා. කහවණුව.
2. නා. යාචක බලු කපුටු ආදින්ට බත් දෙන බඳුන.
කාවත්
1. නා.ප්‍ර. චන්ද්‍රයා; හඳ
2. නා.ප්‍ර. කහපාට වස්ත්‍රය; කාෂාය වස්ත්‍රය.
කාවදිනවා
1. ක්‍රි. ඇතුළට හාරාගෙන යනවා.
2. ක්‍රි. තදින් සිතට වදිනවා; හොඳින් අවබෝධ වෙනවා.
කාවල
1. නා. මුර කිරීම; ආරක්ෂා කිරීම; රැකබලා ගැනීම.
2. නා. ආරක්ෂා මන්ත්‍රය.
3. නා. මුර පොළ; ආරක්ෂා ස්ථානය.
කාවල් වෙනවා
ක්‍රි. සිවුපාවුන් සංවාසයෙහි යෙදෙනවා; ගවයන් රැළේ වැටෙනවා.
කාවල්කාරයා
නා. මුරකාරයා; රැකවල්කරු.
කාවල්ලිය
නා. ගොනාගේ පිට උඩ බඩු පටවන විට බෙල්ලේ සිට වලිගෙට යටින් බඳින රැහැන.
කාව්‍ය බන්ධනය
නා. කාව්‍ය රචනය කිරීම; කාව්‍ය ප්‍රබන්ධ කිරීම.
කාව්‍ය භාෂාව
නා. කාව්‍යකරණයට උචිත භාෂාව.
කාව්‍ය රසය
නා. කාව්‍යයකින් ජනිත වන රසය හෙවත් චමත්කාරාත්මක හැඟීම.
කාව්‍ය ශාස්ත්‍රය
නා. කාව්‍ය රචනය පිළිබඳ ශාස්ත්‍රය.
කාව්‍ය සාහිත්‍යය
නා. සාහිත්‍ය රසයෙන් යුත් නිබන්ධ; ගද්‍ය පද්‍ය ග්රන්ථවලින් සමන්විත වූ ග්රන්ථ සමූහය.