සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 463
කාලචීවර
නා.ප්ර. චීවර කාලයෙහි ලැබුණු සිවුර; චීවර කාලය ඇතුළත ලද සිවුර.
කාලචෝදිත
වි. මරණය ආසන්න වූ.
කාලත්රයදර්ශී
වි. අතීත, වර්තමාන, අනාගත යන තුන් කල් දක්නා වූ.
කාලත්රයවර්තී
වි. අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්හි පවත්නා වූ.
කාලත්රයා
1. නා. අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලය.
2. නා. මාත්රා වශයෙන් ගත් කල හ්රස්ව, දීර්ඝ, ප්ලුත යන කාලමාන තුන.
කාලතුවක්කුව
නා. යම්කිසි තැනක හෝ වාහනයක් මත හෝ සවි කොට ක්රියා කරවනු ලබන්නා වූ ද, බර උණ්ඩයක් සැතපුම් ගණනක් ඈතට විහිදීමට හැකි වූ ද විශාල තුවක්කුව.
කාලදාන
නා.ප්ර. සුදුසු කාලයෙහි දෙන දානය.
කාලමාන යන්ත්රය
නා. කාලය මනින යන්ත්රය; ඔරලෝසුව.
කාලමුක්ත
(පාරිභා.) වි. කාලයෙන් මිදුණ; කාල නියමයක් නැති; කාල භේදයක් නැති (=timeless).
කාලමේඝ
නා.ප්ර. කළු වලාකුළ; වැහි වලාකුළ.
කාලය
1. නා. අතීත, වර්තමාන, අනාගත යනුවෙන් බෙදිය හැකි තත්පර, විනාඩි, පැය, දින ආදි වශයෙන් මනිනු ලැබිය හැකි දෙය.
2. නා. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය; පැවැත්මක සම්බන්ධතාව හෙවත් මිම්ම; සිද්ධි හෝ අවස්ථා දෙකක් අතර ගත වී ඇති වේලාවේ වෙනස; යුගය; අවධිය.
3. නා. හ්රස්ව, දීර්ඝ, ප්ලුත වශයෙන් අක්ෂර උච්චාරණයට ගත වන වේලාව.
4. නා. කිසියම් කාලගුණයක් පවතින සමය; ඍතුව.
5. නා. නියම මොහොත හෝ අවස්ථාව.
6. නා. මරණය; මරණය සිදු වන වේලාව.
කාලයාත්රා කරනවා
ක්රි. මැරෙනවා; මරණයට පත්වෙනවා.
කාල් වඩන්නා
නා. රජුගේ ආරක්ෂාව සඳහා කඩු ගෙන සිටින භටයා; අසිග්රාහකයා.
කාල්කරුව
නා. හතරෙන් පංගුවෙන් දෙකෙන් පංගුව; අටෙන් පංගුව.
කාල්ගානවා
1. ක්රි. දණ්ඩක්, හැන්දක් වැනි දෙයකින් කලඹනවා; හැඳිගානවා; කලතනවා .
2. (කථා.) ක්රි. පයින් ගමන් කරනවා; හෙමින් ඇවිදිනවා.
කාල්පනික
වි. සිතින් මවා ගත්; කල්පිත; අභූත.
කාල්වැටිය
නා. ඉසකෙස් රොද; කියඹුව.
කාලාගමනය
කාලාග්නි
[කාල + අග්නි]
නා.ප්ර. කල්පයන් අවසානයේ ඇති වී ලෝකය විනාශ කරතියි සැලකෙන මහා ගින්න.
කාලාතිගමනය
[කාල + අතිගමනය]
නා. කාලය ඉක්මීම; කාලය ගෙවීයෑම; කල්ගත වීම.
කාලාන්තරය
1. නා. අතරතුර කාලය; කාලපරිච්ජේදය; කාලසීමාව.
2. නා. දීර්ඝ කාලය; චිර කාලය.
කාලාන්ධකාරය
නා. මහා කළු අඳුර; දැඩි කළුවර.
කාලානුක්රමය
නා. කාල පිළිවෙළ; වර්ෂ ක්රමය.