සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 462
කාල සංවෘතිය
නා. පෙරවරු, පස්වරු ආදි වශයෙන් කරනු ලබන කාලය පිළිබඳ සම්මුතිය.
කාල සටහන
නා. විවිධ කටයුතු කළ යුතු කාල වේලා දක්වන සටහන් පත්රය නොහොත් ඒ පිළිවෙළ.
කාල සර්ප යෝගය
නා. (ජ්යෝති.) කේන්ද්රයක ග්රහයන් සියල්ල ම එහි එක් අර්ධයක පිහිටීම.
කාල ස්තම්භය
නා. මුදුනෙහි ඔරලෝසුවක් සහිත උස් ටැඹ.
කාල සීමාව
නා. කිසියම් කාර්යයක් සඳහා නියම කර ගත් කාලය; කාල පරිච්ජේදය.
කාල හෝරාව
නා. (ජ්යෝති.) සිංහල පැය දෙකහමාරක හෙවත් ඉංග්රීසි පැයක කාලය.
කාලක
වි. කළුවන් වූ; කෘෂ්ණ වර්ණ.
නා.ප්ර. පව්කාරයා; දුශ්ශීලයා.
කාලකණ්ණි චෝලය
නා. යකැදුරන් විසින් යක්ෂාවේශ වූවන් මන්ත්රෝදකයෙන් නහවන විට අන්දවා පසු ව ඉවත ලන වස්ත්රය; නිසිරීකඩ.
කාලකණ්ණියා
නා. අවාසනාවන්ත තැනැත්තා; පින් නැත්තා.
කාලකත
වි. මැරුණු; මළ.
කාලකර
නා.ප්ර. සූර්යයා.
කාලකර්ම
නා.ප්ර. කාලයටම වන්නා වූ ක්රියාව; කර්ම විපාකයෙන් සිදු වන මරණය; කාලමරණය.
කාලක්ෂේප කරනවා
ක්රි. කල් ගෙවනවා; කල්ගත කරනවා; කාලය නිකරුණේ මිඩංගු කරනවා.
කාලක්රමානුගත
[කාලක්රම + අනුගත]
වි. සිදු වූ කාල පිළිවෙළ අනුගමනය කළ; කාලානුක්රමික.
කාලක්රියාව
නා. මරණය; පරලෝ සැපත්වීම.
කාලකූට
1. නා.ප්ර. උග්ර විෂ වර්ගයක නාමය; සුරාසුර යුද්ධයේ දී විෂ්ණු විසින් කිරිමුහුද කලඹන ලද කල්හි මතු වූ බව කියැවෙන විෂ වර්ගය.
2. නා.ප්ර. බලි වර්ගයක නාමය; කාලකූට රාක්ෂය.
3. නා.ප්ර. සවුදමක නාමය; කාලකූට සවුදම.
කාලගුණ චන්ද්රිකාව
නා. කාලගුණය පරීක්ෂා කිරීම සඳහා අහසට යවන කෘත්රිම චන්ද්රිකා විශේෂයක්.
කාලගුණ දර්ශකය
(පාරිභා.) නා. ආකාශයේ විවිධ වායු ලක්ෂණ සටහන් වන යාන්ත්රික උපකරණය (=meteorograph).
කාලගුණ පරීක්ෂණාගාරය
නා. කාලගුණය නිරීක්ෂණය කිරීමේ වැඩ කටයුතු කරන ස්ථානය.
කාලගුණ විද්යාව
(පාරිභා.) නා. කාලගුණය අධ්යයනය පිළිබඳ විද්යාව (=meteorology).
කාලගුණය
නා. යම්කිසි තැනක, යම් කාලයක් තුළ පවත්නා ශීත, උෂ්ණ, වියළි, තෙත් ස්වභාවය ද සුළගේ ස්වභාවය ද ආදි කරුණු සම්මිශ්රණයෙන් ඇති වන වායුගෝලීය තත්ත්වය.
කාලගෝට්ටිය
නා. පිරිසක් නඟන මහත් හඬ; මහා ඝෝෂාව.
කාලචක්ර
1. නා.ප්ර. චක්රයක් මෙන් පෙරළෙමින් ගමන් කරන කාලය; කාලය නමැති චක්රය.
2. නා.ප්ර. කාලය මනින මිනුම් පද්ධතියක්; තත්පර, විනාඩි, පැය, දින ආදි වශයෙන් කාලය ප්රමාණ කිරීමේ සටහන.
කාලච්ඡේදය
නා. පරිමිත කාලය; කාල සීමාව.