සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 461
කාරුව
නා.ප්‍ර. වළකජු ගැසීමේ දී කජු ගෙඩියට ගැසීමට ගන්නා ගල් හෝ උළු හෝ වළන් කැබැල්ල; පෙන්ද.
කාල
1. නා. ඒකකයකින් හතරෙන් පංගුව; හතරෙන් එක (1/4).
2. නා. ප්‍රතිමා ශිල්පයෙහි දී භාවිත වන මිම්මක්; අඟල් (ඇඟිලි) හෝ ඒකක දෙකක ප්‍රමාණය.
3. නා. කුඩා මුගුරක්; ලීයෙන් කළ කුඩා කඩුවක් වැනි ආයුධයක්.
4. නා. තූර්ය භාණ්ඩ විශේෂයක්.
5. නා. ලෝකඩ.
6. (ජ්‍යෝති.) නා. නැකතක නාමය; බෙරණ නැකත.
වි. කළු පැහැයෙන් යුත්; කළු; අඳුරු.
කාල ඝෝෂාව
නා. යම්කිසි කටයුත්තකට සුදුසු කාලය එළඹ ඇති බව දැනුම් දීම සඳහා කරනු ලබන ඝෝෂාව.
කාල චර්යාව
නා. කලට වෙලාවට කටයුතුවල යෙදීම.
කාල තරණය
(පාරිභා.) නා. වර්ධක උපක්‍රම උපයෝගී කොට ගෙන ඍතුවෙන් ඍතුවට ජීවත්වීම (=perennation).
කාල දූතයා
නා. සර්පයකු දෂ්ට කරනු ලැබූ තැනැත්තා මරණයට පත්වන බව ඇඟවෙන ලකුණු සහිත ව සර්ප විෂ වෛද්‍යවරයා වෙත පැමිණෙන පණිවිඩකරුවා.
කාල නියමය
නා. කාලය සම්බන්ධයෙන් බැස ගන්නා ලද තීරණය; නියමිත කාලය.
කාල නිර්ණය
නා.ප්‍ර. කාලය තීරණය කිරීම; අවධිය නිශ්චය කිරීම.
කාල පක්ෂය
නා. පුරපසළොස්වකට පසු ව එනම් අව පෑළවිය පටන් අමාවක තෙක් ක්‍රමයෙන් සඳ ගෙවී යන දින පසළොස; අව පක්ෂය.
කාල පත්‍රිකාව
නා. (කර්මාන්ත ශාලා ආදියෙහි) යම් වැඩක් සඳහා ගත වන කාලය හෙවත් වේලාව, යෙදූ ශ්‍රමය ආදිය සටහන් කරන පත්‍රිකාව.
කාල පන්දම
1. නා. තොවිල්, පින්කම් ආදියේ දී බොහෝ වේලා දල්වනු ලබන ලොකු ගිනිහුළ.
2. නා. කප් සිටුවීමේ දී කප මුදුනේ සවි කරනු ලබන ගිනිහුළ.
කාල ප්රඥප්තිය
නා. (සන්ධ්‍යා ආදි) කාලය පිළිබඳ නියමය.
කාල පාලකය
(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරිත්වය කාලය අනු ව පාලනය කරන උපකරණය (=timer).
කාල පාශය
නා. මාරයාගේ මලපුඩුව.
කාල පුරුෂයා
නා. (ජ්‍යෝති) මනුෂ්‍ය ශරීරයේ කොටස් ඒ ඒ නැකැත්, රාශි හා ග්‍රහයින්ට අයත් කොට බෙදා දැක්වීම.
කාල බලය
නා. (ජ්‍යෝති) කේන්ද්‍රයක ග්‍රහයන් පිළිබඳ විනිශ්චයේ දී සලකා බැලිය යුතු කාලය පිළිබඳ බලය.
කාල බෝම්බය
නා. නියමිත වේලාවක දී පිපිරීමට තබා ඇති බෝම්බය.
කාල භේදය
1. නා. අතීත වර්තමාන අනාගත ආදි කාල වශයෙන් බෙදීම.
2. නා. වාත පිත්තාදි දෝෂවලින් සෑදෙන රෝගවලට නියමිත කාලය.
කාල මණ්ඩලය
නා. ඇසේ කළු ඉංගිරියාව; කෘෂ්ණ මණ්ඩලය.
කාල මරණය
නා. ආයුෂ හෝ විපාක කර්ම ශක්තිය අවසන් වීමෙන් සිදු වන මරණය; නියම කාලයට සිදු වන මරණය.
කාල විද්‍යාව
නා. කාලපරිච්ඡේද අනුව සිද්ධි සටහන් කිරීමේ ක්‍රමය; කාල නිර්ණය ශාස්ත්‍රය.
කාල විපර්යාසය
1. නා. යම් කාලයක් තුළ සාමාන්‍යයෙන් ඇති විය යුතු ලක්ෂණ විද්‍යමාන නොවීම; නියමිත ඍතු ලක්ෂණ ඇති නොවීම.
2. නා. ඍතු ලක්ෂණ වෙනස් වීම.
කාල විමුක්ත
වි. (අභි.) කාල භේදයෙන් මිදුණු; කාල භේදයක් ත්‍රෛකාලික වශයෙන් නොමැති; ගත නොහැකි.
කාල ශතය
නා. වාර සියය; සියක්වර.