කාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතීත, වර්තමාන, අනාගත යනුවෙන් බෙදිය හැකි තත්පර, විනාඩි, පැය, දින ආදි වශයෙන් මනිනු ලැබිය හැකි දෙය.
2. නා. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය; පැවැත්මක සම්බන්ධතාව හෙවත් මිම්ම; සිද්ධි හෝ අවස්ථා දෙකක් අතර ගත වී ඇති වේලාවේ වෙනස; යුගය; අවධිය.
3. නා. හ්‍රස්ව, දීර්ඝ, ප්ලුත වශයෙන් අක්ෂර උච්චාරණයට ගත වන වේලාව.
4. නා. කිසියම් කාලගුණයක් පවතින සමය; ඍතුව.
5. නා. නියම මොහොත හෝ අවස්ථාව.
6. නා. මරණය; මරණය සිදු වන වේලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතීත හෝ වර්තමාන හෝ අනාගත හෝ කාලය/ යුගය; වකවානුව (සං. කාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. age
2. n. date
3. Phy. epoch
4. n. hours
5. n. lilt
6. n. moment
7. n. period
8. Acc. season
9. Acc. term
10. n. tide
11. n. time
12. n. while