සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 470
කැබිනට් මණ්ඩලය
නා. රටක පාලන කටයුතු කරගෙන යෑමේ වගකීමෙන් යුත් අමාත්‍ය සමූහය.
කැම්බියම
(පාරිභා.) නා. කඳෙහිත් මුලෙහිත් ද්වීතීයික වර්ධනය සිදු කරන සජීවී විභාජක පටකය.
කැමැත්ත
නා. ආශාව; රුචිය; අභිමතය.
කැමි
වි. (යම් කාර්යයක) යෙදී සිටින; නියුක්ත වූ.
1. නා.ප්‍ර. යම් කාර්යයක යෙදී සිටින තැනැත්තා; සේවකයා; නිලධාරියා.
2. නා.ප්‍ර. කර්මාන්තයක ප්‍රධානියා.
3. නා.ප්‍ර. ලිපිකරුවා; ලියන්නා.
4. නා.ප්‍ර. චිත්‍ර ශිල්පියා; සිත්තරා.
කැමිය
(පාරිභා.) නා. යන්ත්‍රයක වෙනත් කොටසකට රේඛීය චලිතයක් ලැබෙන පරිදි හැඩ ගස්වා ඇති පරිභ්‍රමණය වන දණ්ඩක තිබෙන, විකේන්ද්‍රික ප්රක්ෂේපණය (=cam).
කැරකෝප්පුව
නා. මිනී පිට්ටනිය; සොහොන් බිම; සුසාන භූමිය.
කැරට්
1. නා.ප්‍ර. රත්රන්වල පිරිසිදු භාවය මනින මානයක්.
2. නා.ප්‍ර. දියමන්ති මැණික් ආදියේ බර මනින මිම්මක්.
3. නා.ප්‍ර. ආහාරයට ගැනෙන දිගැටි තැඹිලි පාට අලයක් සහිත පැළෑටියක්.
කැරටින්
(පාරිභා.) නා.ප්‍ර. හරිත ලවවල ද අනෙකුත් ලවවල ද තිබෙන තැඹිලි පාට වර්ණක සමූහයක්.
කැරලි ගසනවා
ක්‍රි. රටක පවතින පාලන ක්‍රමයට විරුද්ධ ව අරගල ඇති කරනවා; කෝලාහල, කරදර ඇති කරනවා.
කැරලිවැල
(කථා.) නා. කුඹුරුවල කුරුල්ලන් එළවීම සඳහා උණ බටයක් පළා සකස් කරගත් ලී ටකය; ටක පෝරුව.
කැරැට්ටුව
(කථා.) නා. හැසිරීම; කල්ක්‍රියාව; චරිතය.
කැරැල්ල
1. නා. චෛත්‍ය මස්තකයෙහි තබන කොත; ගෙයක මුදුන; ථූපිකාව; ශිඛරය.
2. නා. තණ, පිදුරු ආදියේ කුඩා මිටිය; කලාපය.
3. නා. එක්තරා ප්‍රමාණයකට වළලු ගැසූ (නූල්, ලණු වැනි) දේ.
4. නා. පොකුර; එකට ඇමුණූ සමූහය.
5. නා. රංචුව; රැළ; සමූහය.
ඊ. නා. රජයකට හෝ නායකත්වයකට විරුද්ධ ව සමූහයක් ප්රචණ්ඩ ලෙස නැගී සිටීම; රංචු ගැසී කෝලාහල කිරීම.
උ. නා. පීරක, දෑකැත්තක හෝ කියතක ඇති කට්ට හෝ දැති.
කැරොල්
නා.ප්‍ර. විශේෂයෙන් නත්තල් හා වෙසක් කාලයට ගායනා කරනු ආගමික ගීතිකා; භක්ති ගීත.
කැල
1. නා.ප්‍ර. සමූහය; රංචුව; රාශිය; ගොන්න.
2. නා.ප්‍ර. උදෑසන; උදය.
කැලතෙනවා
ක්‍රි. (දියරක්) කැලඹෙනවා; තදින් සෙලවෙනවා.
කැලම
නි. ඒකාන්තයෙන්; නිශ්චය වශයෙන්.
කැලමයින්
(පාරිභා.) නා.ප්‍ර. ඛනිජ වර්ගයක්; ස්වාභාවික ලෙස ඇති සින්ක් කාබනේට් (=calamine).
කැලරි මීටරය
(පාරිභා.) නා. මෝචනය වන හෝ අවශෝෂණය වන හෝ හුවමාරු වන තාප ප්‍රමාණය නිර්ණය කිරීමේ උපකරණයක් (=calorimeter).
කැලරිය
(පාරිභා.) නා. යම් ආහාරයකින් නිෂ්පාදනය වන තාපය හෝ ශක්තිය මනින ඒකකය.
කැලල
1. නා. ලකුණ; ලාංඡනය; ලපය; තුවාලයක් ඇති වූ පසු ඇතිවන ලපය.
2. නා. කිලුට; නින්දාව; කල්මෂය.
කැල්ක්ස්
(පාරිභා.) නා.ප්‍ර. ලෝහ දැවීමෙන් ලැබෙන අළු.
කැල්කොපයරයිට්
(පාරිභා.) නා.ප්‍ර. තඹ ලෝපස; තඹවල හා යකඩවල සල්ෆයිඩය.
කැල්කොසයිට්
(පාරිභා.) නා.ප්‍ර. සල්ෆයිඩ ඛනිජ වර්ගයක්; දිස්න තඹ.
කැල්දරය
1. නා. තැබෑරුමක වීදුරු බඳුන් ආදිය තබන දික්පුවරුව; කවුන්ටරය.
2. නා. පෙට්ටි වර්ගයක්.