කැරැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චෛත්‍ය මස්තකයෙහි තබන කොත; ගෙයක මුදුන; ථූපිකාව; ශිඛරය.
2. නා. තණ, පිදුරු ආදියේ කුඩා මිටිය; කලාපය.
3. නා. එක්තරා ප්‍රමාණයකට වළලු ගැසූ (නූල්, ලණු වැනි) දේ.
4. නා. පොකුර; එකට ඇමුණූ සමූහය.
5. නා. රංචුව; රැළ; සමූහය.
ඊ. නා. රජයකට හෝ නායකත්වයකට විරුද්ධ ව සමූහයක් ප්‍රචණ්ඩ ලෙස නැගී සිටීම; රංචු ගැසී කෝලාහල කිරීම.
උ. නා. පීරක, දෑකැත්තක හෝ කියතක ඇති කට්ට හෝ දැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චෛත්‍යය මත හෝ නිවාස මත හෝ තබන කොත; ථූපිකාව/ ප්‍රචණ්ඩ ලෙස නැගී සිටීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bunch
2. n. disturbance
3. n. insurgency
4. n. rebellion
5. n. revolt
6. n. riot
7. n. rising
8. Art. skein
9. n. tumult
10. n. uprising